බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොහාන් ගහපු ගේමම ගහපු ගාලතැන්නේ කපුවා තමන්ගේ හොර වාහනය ලොහාන්ගේ එකවුන්ට් එකට දාන්න හදලා…

by editor
නොවැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිගනින් අසුවූ ලොහාන්ගේ යැයි කී හොර ජිප් එක රත්තරන් පොරවන් ඉන්නා ගාලතැන්නේ කපුවාගේ බවත් ඔහු තමන් කරමින් සිටි අපරාධය හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ගේ ගිනුමට බැර කිරීමට උත්සාහ කර තිබූ බවත්  පොලිස් විමර්ශන අංශ දැන් කියයි!

දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් නිවසක තිබී ඊයේ (31) පස්වරුවේ සොයාගෙන පොලිස් අත් අඩංගුවටපත් වාහනය ලොහාන් රත්වත්තට අයත් එකක් නොව,  මහනුවර ප්‍රකට ගාලතැන්නේ කපුවාට අයත් වාහනයක් බව මේ වනවිට විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සිද්ධියට ලොහාන් රත්වත්තව සම්බන්ධ වන්නේ 1997 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් අනුව පොලිස් විමර්ශනයට ගිය කණ්ඩායමට මෙම නිවස හිමි ගාලතැන්නේ කපුවාගේ පුතා   වාහනය ගැන තමන් කිසිවක් නොදන්නා බවත්, වාහනය ලොහාන් රත්වත්තගේ සිය දිවි නසාගත් ලේකම්වරයා විසින් තම නිවසට ගෙනත් දැමූ බවත් ප්‍රකාශ කිරීමත් සමගය. මීට පෙර ලොහාන් රත්වත්ත සහ  ඔහුගේ බිරිය රශී පබා රත්වත්ත තම මිරිහාන  නිවසේ තිබූ නීති විරෝධී වාහනය සම්බන්ධව මුලින්ම ප්‍රකාශ ලබා දී තිබුණේත් සිය දිවි නසා ගත් ලේකම්වරයා විසින් එම වාහනය නිවසට ගෙනත් දැමූ බවටය.

කෙසේ  නමුත් ඊයේ දිගනදී අත් අඩංගුවට ගත්  වාහනය පොලිස් භාරයට ගෙන විමර්ශන කරනවිට වාහනයේ තිබී 2022 වසරේ ගාලතැන්නේ කපුවා විසින් විදුලි බිලක් ගෙවූ රිසිට් පතක් හමුවී ඇත. අනතුරුව වාහනය සේවා කළ ස්ථානයෙන් පරික්ෂා කර බලද්දී වාහනය සේවා කර තිබෙන්නේත් ගාලතැන්න කපුවාගේ නමට බව අනාවරණය වී තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

විමර්ශනය වැඩි දුර පවත්වාගෙන යන විට   හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නුවර යන අවස්ථාවක ඔහුගේ ආරක්ෂක රථයටත් වෙට්ටු දමාගෙන ගොස් පොලිස් අත් අඩංගුවට පත් වන්නේ ගාලතැන්නේ කපුවා විසින් පදවන ලද මේ රථයය. අනතුරුව රථය සම්බන්ධ සිදුකළ පරීක්ෂණවලදී එය නීති විරෝධීව භාවිතා කළ රථයක් බව අනාවරණය වී තිබේ. මෙවැනි වාහන දෙකක් ගාලතැන්නේ කපුවාගේ සන්තකයේ තිබී මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඒ වකවානුවේ දී  අත් අඩංගුවට ගෙන උසාවියට කරුණු වාර්තා කළ ද එහිදී අතාර්කික ලෙස මෙම රථ නිදහස් කිරීමට අධිකරණය පියවර ගත් බවට කියමින් විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට ද විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබිණි.

ඊයේ (31) සවස පොලිස් අත් අඩංගුවට පත් වන්නේ එම නීති විරෝධී රථය ය. එය භාවිතා කිරීම සඳහා කපුවා විසින් ව්‍යාජ අංක තහඩු යොදාගෙන   ඇති බව අනාවරණය වී ඇත. පොලිසිය නොමග යවන ප්‍රකාශ කරමින් නීති විරෝධී වාහනයක් ලඟ තබාගෙන එය ව්‍යාජ අංක තහඩු සහිතව භාවිතා කිරීම සම්බන්ධව ගාලතැන්න කපුවා සහ කපුවාගේ පුතා පිළිබඳව ඉදිරි විමර්ශන පවත්වන බව පොලිස් විමර්ශන කණ්ඩායම් කියයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආරක්ෂාව ඉවත් කළා කියපු මහින්දට යුද හමුදාවේ 63කට අමතරව පොලිසියේ 180ක්… රජය නිවේදනය කරයි!

Next Post

දිඹුලාගල කජුවත්තේ පුද්ගලයෙක් මහ ට්‍රැක්ටර් 100ක් ඇඟ මතින් ධාවනය කිරීමට සලස්වා ලෝක වාර්තාවක් පිහිටුවයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.