තල්මසුන් පිළිබඳව ලෝ ප්‍රකට ශ්‍රි ලාංකික ජෛව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩි වෝස්ට පසුගියදා කැනඩාවේ දේශනයකට ගිය අවස්ථාවේ මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් ඇය සිය ට්විටර් ගිනුමෙහි සටහන් කර තිබුණි.
ඇය පසුගියදා කැනඩාවේ වික්ටෝරියා හි පැවැති දේශනයක් සඳහා ගොස් ඇත. එහි ආරාධිත ප්‍රධාන දේශනය ඇයගේය. ඇය ප්‍රධාන දොරටුවෙන් අදාළ ස්ථානයට පිවිසෙත්ම එහි ලියාපදිචිය භාරව සිටි කාන්තාව ඇය වහා නවත්වා සනීපාරක්ෂක සේවකයන් ඇතුළු වෙන්නේ මේ දොරෙන් නොවේ යයි වෙනත් පිවිසුමක් පෙන්වා ඇත. එපමණක්ද නොව කම්කරු සේවිකාවන් ඇතුළු වන දොර යයි වෙනත් දොරක් පෙන්වා එයින් ඇතුළුවන ලෙස ද මෙම තරුණිය අණ කර තිබේ.
එහිදී සිදුවූ සිදුවීම ඇය මෙසේ සඳහන් කර ඇත.
“ වික්ටෝරියා BC පැවති එම වැඩමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට මට ආරාධනා කර තිබිණි. මම ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වුනෙමි. එම වැඩමුලුවේ ලියාපදිංචිය බාරව සිටි තරුණිය මා දෙස බලා ” සනීපාරක්ෂක සේවිකාවන් යන්නේ මේ දොරටුවෙන් නොවේ” කියා වෙනත් දොරටුවක් පෙන්වනු ලැබුවේය. “ඔබේ පසුපස හැරි බලන්න.” මම කීවෙමි.
එතන මගේ ප්‍රමාණය මෙන් පස් ගුණයකට වඩා විශාල මගේ ඡායාරූපයක් සහිත බැනරයක් එල්ලා තිබුණි.
I was main speaker at an event in Victoria BC. I went through the front entrance and the girl at registration looked at me and said ‘janitors entrance is at the side’. I said ‘look behind you’. When she turned there was a huge, 5x Asha size poster of my face hanging. https://t.co/hINwAiQ4oP
— Dr. Asha de Vos (@ashadevos) April 29, 2023
ආචාර්ය ආශා ඩි වොස් තල්මසුන් සම්බන්ධයෙන් පර්යෂණ ගණනාවක් සිදු කර ඇති අතර ඇය ඒ වෙනුවෙන් ඕෂන්ස්වෙල් නම් පර්යේෂණ ආයතනයක්ද ශ්‍රි ලංකාවේ පවත්වාගෙන යන්නීය.
ශ්‍රි ලංකාවේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඈෂ්ලි ඩි වොස් ගේ දියණිය වන ආශා 2018 වසරේදසී බීබීසී ආයතනය නම් කළ ලෝකයේ එක් එක් ක්ෂේත්‍රවල බලවත්ම කාන්තාවන් සිය දෙනා අතරද සිටින අතඑර තවත් දෙස් විදෙස් සම්මාන රැසක් අත් කරගෙන සිටින ලෝ ප්‍රකට විද්‍යාඥවරියකි.
මුද්‍ර ජෛව විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් සිදු කර ඇති ඇය බොහෝ පර්යේෂණ සැසිවල ප්‍රමුඛ පෙළේ දේශකවරියක ලෙස නමක් දිනා සිටින්නීය.