ජනාධිපතිවරයා විසින් සිදුකළ හදිසි කැබිනට් සංශෝධනයේ නව ඇමතිවරු දෙදෙනෙක් සිය තනතුරුවල දිවුරුම් දී තිබේ.
උදය ගම්මන්පිල දැරූ බලශක්ති ඇමති ධුරයේ ගාමිණී ලොකුගේ දිවුරුම් දී ඇත. එමෙන් විදුලි බල අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි ද දිවුරුම් දී තිබේ.
ගාමිණි ලොකුගේ දෙරණ ප්‍රවෘත්ති අංශයට පවසා තිබුණේ දිනේෂ් ගුණවර්ධන සහ එස් බී දිසානායක පැමිණ සිටියත් ඔවුන් ඇමති තනතුරුවල දිවුරුම් දුන්නේදැයි තමන් නොදන්නා බවය.
තවත් කැබිනට් අමාත්‍ය ධුරයක් සංශෝධනයවන බව ද වාර්තා වේ.
&;