බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ලොක්ඩවුන්’ ඇත්ත සහ නැත්ත

by Lanka Sara Editor
අගෝස්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

Dr Waruna කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

 

 

 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

 

එරබදු වසන්ත සමයේ ඉස්තාලය විවෘත ව තිබිණි. අශ්වයා කිසිදු කලබලයකින් තොරව පමුණුව පාරෙන් පැමිණියේ මහරගමට ය. අනතුරුව දෙමටගොඩින් කොළඹ නුවර පාරේ ගමන් කළ මෙකී සත්ත්වයා යළි මතු වන්නේ නුවරඑළිය වසන්ත සැණකෙලියෙනි. සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව ගෝනි රේස් දිවූ පිරිස් බිම් මට්ටමෙන් ග්‍රීස් ගස් මත නැගී සිටියවුන් ගුවන් නිරීක්ෂණ මගින් ද මේ බව තහවුරු කර තිබිණි.

යාල සෆාරි රියදුරන් පවසා සිටියේ ජෛව බුබුල ප්‍රවාහනය කරන අතරතුර තමන් ගිරුවාපත්තුවේ දී මෙකී සත්ත්වයා දුටු බවකි.
ලාංකික කොවිඩ් වෘත්තාන්තයේ ඩෙල්ටා පරිච්ඡේදය ඇරඹෙන්නේ එතැන් සිටය. ‘ලොක්ඩවුන්’ යන්න වර්තමානයේ බොහෝ පිරිසකට දිරවාගත නොහැකි වචනයක් බවට ම පත් ව තිබේ. එහෙත් කොවිඩ් පළමු රැල්ලෙන් පසු ලොව පුරා සිදු කළ බොහෝ අන්තර් ජාතික වෛද්‍ය පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ ‘නිවැරදි විද්‍යාත්මක ප්‍රවේශයක්’ සහිතව භාවිතා කරන්නේ නම් එය වසංගතය මැඩලීමේ සාර්ථක ක්‍රමෝපායක් වන බවය.
කොවිඩ් පළමු රැල්ල සමයේ ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වූ දීර්ඝ lockdown ක්‍රමවේදය මේ වන විට බොහෝ පරිණාමික වෙනස්කම්වලට ලක්ව තිබේ.

ලොක්ඩවුන් යන්න හුදු අහම්බයක් නොවේ. පැතිර යන වසංගතයක් මුලිනුපුටා දැමීමට (Eradication) හෝ ප්‍රජාවට වඩාත් හිතකර මට්ටමින් මර්දනය කිරීම (Flattening the curve) සඳහා සදහාද යෙදවිය හැකි වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයකි. රටක් මුලින්ම වසා දැමීමක් හෝ ජන ජීවිතයේ සියලු කටයුතු අකර්මණ්‍ය කිරීමක් ලෙසින් නිර්වචනය වුවද සැබැවින් ම එය එසේ නොවේ. රටක ආර්ථිකයට මෙන්ම ජනතා සෞඛ්‍යයටද වඩාත් හිතකර වසංගත සැරියේ බිදවැටුම් නොහොත් Circuit breaker lockdown ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබේ.

මෙකී ක්‍රමෝපාය වසංගත රැල්ල ආපසු හැරවීමට ආසාදිතයන් සංඛ්‍යාව අඩු කිරීමටත් යොදවන දැඩි සීමාවන් රැසක එකතුවකි. මෙකී සීමාවන් ජාතික මට්ටමින් සිදුකරන පූර්ණ අගුළු දැමීමක් ලෙසින් පෙනී ගියද සීමාවන් පැනවෙන්නේ කලින් සැලසුම් කළ, නිශ්චිත, කෙටි කාලසීමාවක් සඳහා පමණකි. මෙහි අවම කාලය ද සති දෙකකි.
ක්‍රමවේදයෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ පනවන සීමාවන්හි දැඩි බවත් ප්‍රජාව ඒ කෙරෙහි අනුගත වන ප්‍රමාණයට ද සාපේක්ෂවය. අවසන් ප්‍රතිඵලය ලැබෙන්නේ ද කාලසීමාව අවසානයෙන් සතියකට පමණ පසුවය.
කෙටි කාලසීමාවක් තුළ දැඩි සීමාවන් පැනවීම මෙහි මූලික හරය වෙයි. සිත්ගන්නා සුළු කරුණ වන්නේ ආර්ථික විද්‍යාඥයන් කුමක් පැවසුවද මෙකී ක්‍රමවේදය තුළ රටක ආර්ථිකය කෙරෙහි ඇතිවන ඇති වන බලපෑම අවම වන බව පර්යේෂණ වාර්තා පෙන්වා දී තිබීම ය.
දිගු කාලයක් බලපවත්වන ලෙසින් දැඩි සංචරණ සීමාවන් පැනවීම යළි යළිත් සීමාවන් පැනවීම මෙන්ම යෝග්‍යතම අවස්ථාව මගහැර ප්‍රමාද වී සිදු කරන සීමා පැනවීම් තුළින්ද අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගත නොහැක. ඉහත කරුණු අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශිත වාර්තාවන්වල පවා සඳහන් වන්නකි.
වසංගත සමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකරන සෘජු හා වක්‍ර වියදම් හි දිග පළල කිසිවකුත් නිවැරදිව ගණනය කර තිබෙන්නේ දැයි සැක සහිතය. රෝගීන් ප්‍රවාහනය රෝගී සත්කාර විශේෂිත හා දැඩි සත්කාර පහසුකම් ඖෂධ හා සායනික පරීක්ෂාවන් පමණක් නොව ඔක්සිජන් ආනයනය වැනි දෑ සඳහා දෛනිකව වැය කෙරෙන මුදල ද අති විශාලය.
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි සේවාවන් ආසාදිතයන් සිටින නිවෙස් වෙත පිරිනමන බඩු මල්ල’ මෙන්ම ස්වයං රැකියාලාභීන් සඳහා ලබාදෙන දෙදහසේ සුභසාධනය ද එයට එක් කරනු ලබයි. වාර්තා බිඳ හෙළමින් දිනෙන් දින ඉහළ යන ආසාදිතයින්ගේ සංඛ්‍යාව සුභසාධනය ඉල්ලුම ද ඉහළ නංවා තිබේ.

ලොක් ඩවුන් ආර්ථිකයට මහා වින්නැහියක් කරන්නේ යැයි පවසන මතවාදය නඩත්තු කරන්නන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දිනපතා හමුවන එකී සෘජු හා වක්‍ර වියදම් අමතක කොට දමා තිබේ.
නිශ්චිත කාලවකවානුවක් හෝ අවසානයක් නොදකින ක්‍රියාන්විතයක් වර්තමාන හෝ අනාගත වියදම් පුරෝකතනය අසීරු වන්නේ එය මානව ජීවිත හා ජෛව විද්‍යාත්මක ගතිකයන් සමඟ ද සිදු කෙරෙන අසීරුතම ගනුදෙනුවක්ම වන හෙයිනි. එහෙයින්ම වසංගතයේ විෂම චක්‍රය වහා අඩපණ කළ යුතුව තිබේ. එය සිදු කළ හැකි වන්නේ ‘ආර්ථික විද්‍යා තියරියෙන්’ නොව සාක්ෂි මත පදනම් වන ප්‍රායෝගික වසංගත වෛද්‍ය විද්‍යාවේ පිහිටාධාරයෙන්ම පමණකි.

ආර්ථික පසුබෑම හුදෙක් රටක් අගුලු දැමීම තුළින් පමණක්ම සිදුවු නොවන්නකි ‘ගෙදර ඉන්න’ යන විධානය තුළින්ම ආර්ථිකය යම් පසුබෑමකට ලක්වෙයි.
අප්‍රමාදව හා ඉලක්ක සහගත සහගතව සිදුකරන “ලොක්ඩවුන් “ ක්‍රමවේදයන් වෛරස ව්‍යාප්තිය පාලනය කරන්නේ නව විකෘති ප්‍රභේදයන් තවදුරටත් බිහිවීමද වළක්වාලමිනි. ඉන් වසංගත මර්දනයේ දිගුකාලීන බරපැන අවම කරවන අතරම ජීවිත සේම ජීවිකාවන් ද රැක ගනු ලබයි. වන තවත් වාසියක් වන්නේ හෙම්බත්ව හති අරින සෞඛ්‍ය පද්ධතියටද මද විවේකයක් ලබා ගන්නට ඉන් ඉඩ හසර ලැබීමය.
ස්වීඩනය යනු ලොක්ඩවුන් ක්‍රමවේදයට අනුගත නොවූ රටකි. ඇතැම් පිරිස් තර්ක කරන්නේ වෛරසය මර්දනයේ ස්කැන්ඩිනේවියානු ආදර්ශය ලංකාව විසින් ද අනුගමනය කළ යුතු බවකි.
සමස්ත ජනගහනය අඩු බව ඔවුන් භූගෝලීය වශයෙන් රට පුරා දුරස්ථව විසිර පැවැත්ම යනාදී සාධක හේතුවෙන් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඔවුනට අභියෝගයක් නොවීය. ස්වීඩන වැසියන් තුළ පැවති සෞඛ්‍යමය විනය හා ශික්ෂණය ද වසංගත රැල්ල අවසානයේ යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ලැබිණි. ස්වීඩන් ව්‍යවස්ථාව මගින් සිවිල් නිදහස කෙරෙහි ප්‍රමුඛස්ථානයක් ලබා දෙන හෙයින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම හෝ අගුලු දැමීම රාජ්‍ය නියමයන් ලෙසින් සිදු සිදුනොවිණි. එහෙත් සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙන්නේ කොවිඩ් මර්දනය කළ යුරෝපා රටවල් අතර සාර්තකත්වයේ දහතුන් වැනි ස්ථානයට පත්ව ඇති ස්වීඩනය, අගුලු දැමීම ක්‍රමවේදයට යොමු වූයේ නම් එරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් අඩු කර ගත හැකිව තිබුණු බවය.

පසුගිය සමයේ ඇසුණු තවත් කෙඳිරිල්ලක් වන්නේ ලොක්ඩවුන් ඇමරිකාවේ පවා සාර්ථක නොවූ බවත් අගුලු දැමීම ඵල රහිත වන බවත්ය.
එහෙත් එහි නොකියවුණු කථාන්තරයක් ද තිබුණි. එනම් විද්‍යාඥ උපදෙස් නොතකා හරිමින් සංචරණ සීමා නිසි කල් එළඹීමට පෙර ඉවත් කර, ආර්ථිකය පණගන්වන්නට අමරිකානු රජයට තිබු තදියමය.
මෙරට දේශපාලනික විද්වත් ප්‍රජාව අගුලු දැමීම ආරම්භ කළ යුතු, අවසන් කළ යුතු කාලය සිදු කළ යුතු පරීක්ෂණ එන්නත් කරන ප්‍රමුඛතා ආදී බොහෝ කරුණු පිළිබඳ උපදෙස් ලබා දෙන්නේ අද ඊයේ සිට නොව වසංගතය ආරම්භයේ සිට ම ය.
එහෙත් කවර රටක වුව ද සාක්ෂි හා දත්ත මත පදනම් වන විද්‍යාත්මක නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ අවසන් තීන්දු ගනු ලබන්නේ රාජ්‍ය උපදේශකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් ය. අවසානයේ බොහෝ විට සිදුවන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් හා තීරකයන් විද්‍යාත්මක ප්‍රජාවට මග පෙන්වීමට ඉදිරිපත් වීමය. එවැනි සන්දර්භයක් තුළ විද්‍යාත්මක මතවාදයන් යටපත්වී දේශපාලනික ප්‍රතිපත්ති හා මතවාද ඉස්මතු වෙයි.
විද්‍යාත්මක කරුණු යටපත් කිරීම නොසලකා හැරීම මෙන්ම විද්‍යාඥයන් නිහඬ කරවීම කරවීමද සමස්ත සමාජයම අනතුරකට යොමු කරවයි. යහපත් විද්‍යාවක් තුළින් හෙළිදරව් කරන කටුක යථාර්තය ප්‍රතික්ෂේප කිරීම තුළ බරපතළ සමාජ ඛේදවාචක නිර්මාණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇන්ටිජන් මුදලාලිට යට වුණු හැටි ජයරුවන් බණ්ඩාර හෙලි කරයි..

Next Post

රටේ නීතිය කුඩු කර කොළඹ ඓතිහාසික භූ සලකුණ සොයිසා ගොඩනැගිල්ල කුඩු පට්ටම් වෙයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.