අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොක්කන්ගේ හයිය අරන් බාල සැනිටයසිර් සමාගමක් සෞඛ්‍ය නිලධාරීන්ට හයිරං දමයි

කරන්න යන සැනිටයිසර් ගනුදෙනුව රුපියල් බිලියනයයි...

by editor
මාර්තු 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • සමාගම කැරපොතු අඬු සහිත සැනිටයිසර් සැපයීම  නිසා අසාධුගත සමාගමක්.

  • ඉහළම නිලධාරියෙකුගේ ආශීර්වාදය සහිතව යළි මේ  සමාගම ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග   හවුල්කාර ව්‍යාපෘතියකට ඇවිත්…

  • සියලුම හයිය අරන් සමාගමේ බාල සැනිටයිසර් ගන්න සෞඛ්‍ය සැපයුම් ඒකකට බලපෑම්… ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියනයක්…

ෙඅසාදුගත වූ සමාගමක් මඟින් නිෂ්පාදනය කරන ලද මිනිස් ශරීරයට අහිතකර බව  සඳහන් රසායනික සංයෝග සහිත බාල වර්ගයේ අත් සේදීමේ විෂ බීජ නාශක දියර (සැනිටයිසර්) තොගයක් සෙසු සම නිෂ්පාදනවලට වඩා වැඩි මිලකට ලබා ගන්නා ලෙසට එම සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කරන ආකාරය ගැන ලංකාසරට වාර්තා වේ.

කැරපොතු අඬු සැනිටයිසර් ඛාණ්ඩය වෙළෙඳපලෙන් ඉවත් කරගැනීමට කැරපොතු අඬු සැනිටයිසර් සමාගමට සෞඛ්‍ය නියාමන අධිකාරිය නිකුත් කළ ලිපිය…

මේ අසාදුගත සමාගම ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඉහළම නිලධාරියෙකුගේ ආශීර්වාදය සහිතව එම සංස්ථාව සමඟ හවුල්කාර ව්‍යාපෘතියකට පැමිණ ඇති බවත්,  එම සියලු බලය සහිතව මැර භූමිකාවක් රඟ දක්වමින් මෙසේ අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කරන මට්ටමට ඔවුන් පැමිණ ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මීට වසරකට පෙර,  එනම් 2020 මාර්තු මස 17 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ විසින් මෙම විෂ බීජ නාශක වර්ගයක එක් කාණ්ඩයක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා ලෙසට අදාළ නිවේදනයක් නිකුත් කරන ලද අතර ඊට හේතු වූයේ එක් විෂබීජ නාශක දියර බෝතලයක මිය ගිය කැරපොත්තකුගේ අණ්ඩක් අන්තර්ගතවීම සහ එහි ඇසුරුම විධිමත් ආකාරයට නොපැවතීම යන කරුණු හේතුවෙනි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ සැපයුම් අංශය මෙම නිෂ්පාදනය ලබා ගෙන තිබුණේ කොරෝනා වසංගතයට පෙර රෝහල්වල ශල්‍යාගාර සහ සායනික කටයතුවලදී සෞඛ්‍ය සේවකයන්ගේ දෑත් පිරිසිදුකිරීම් කාරකයක් වශයෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙසේ අසාධුගත වූ මෙම සමාගම විසින් සපයනු ලබන අත් සේදුම්කාරක දියරයේ 1 ප්‍රොපනොල් (01 Propanol) නම් සංයෝගය අඩංගු වන බව තහවුරු වී ඇත. එම රසායනික ද්‍රව්‍යය මිනිස් සිරුරට අහිතකර ලෙස ක්‍රියා කරන බැවින් එය අඩංගු සැනිටයිසර් භාවිතයට අනුමැතිය ලබා නොදීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය පියවර ගෙන තිබේ.

සාපේක්ෂ්ව අඩු වියදමින් මෙම රසායන ද්‍රව්‍ය සංයෝග කර නිපදවූවද වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සැනිටයිසර් තොගය වෙනත් නිෂ්පාදනවලට සාපෙක්ෂව ඉහළ මිලකට නම් කර ඇති බවය.  වාර්තාවන ආකාරයට මේ ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියනයක් පමණය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමඟ හවුල්කාර ව්‍යාපෘතියක මුහුණුවරින් පැමිණෙන මෙම අසාධුගත සමාගම තම නිෂ්පාදන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා ගත යුතුම බවත් නොගත්තොතත් වෙන දේ බලාගන්නැයි ඇතැම් නිලධාරීන්ට තර්ජනය කර ඇති බවත් මෙම ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා රුධිරය කැටිගැසෙන බවට කිසිදු සාක්ෂියක් නෑ – යුරෝපා ඖෂධ ඒජන්සිය

Next Post

අසාද් සාලිගේ වාහනයේ කාර්පට් එක යට පිස්තෝලයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.