ගිලා බැසින ලද ලෙව්කේ නිවසේ සුන්බුන් වලට යටවූ තිදෙනා මිට ටික වෙලාවකට පෙර මිය ගොස් ඇත.
ලෙව්කේ නිවස ගිලා බැස එහි සුන්බුන් බෑවුමේ වූ කුඩා නිවසක් මත පතිත වී තිබිණි. එම නිවසේ ජිවත් වී ඇත්තේ තරුණ යුවලක් හා නව මස් ළදරුවෙකි.
ගලවා ගැනීමේ කණ්ඩායම් මේ අය දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත් බවත් වාර්තා විය. එහෙත් මේ වනවිට වාර්තා වී ඇත්තේ සුන් බුන් අතර හිරවූ ඔවුන් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවය.
මෙම නිවසේ බූවැලිකඩ පුදේශයේම හෝටලයක සේවය කරන පුද්ගලයකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටි බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.
ලෙව්කේ නිවස ගිලා බසින විට ඔවුන් සිය පවුලේ සියලු දෙනාමත් නිවසේ ඇති කරන බල්ලන් පූසන් සහිත සතුනුත් වාහනත් රැගෙන නිවසින් පැන ගෙන ඇතත් මේ සම්බන්ධව අසල් වැසියන්ට දැනුවත් කර නැතැයි ප්‍රදේශවාසීහු කියති.