සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිට්‍රෝ ගෑස් කෝප් කමිටුවට සහ රජයේ විගණනයට

by Lanka Sara Editor
ජූලි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් දී තිබේ.

කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙම උපදෙස් ලබා දුන්නේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ (කෝප්) කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධනයට අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්ගලික) සමාගම රජයේ විගණනයට ලක් කළ නොහැකි බව සඳහන් කරමින් ඔවුන් අධිකරණයට ගොස් තිබෙන බවත් මේ නිසා මෙම ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් වැලකී සිටීම සුදුසු බවත් කෝප් කමිටුවේ සභාපති මෙහිදී අනාවරණය කළේය.

මේ අනුව රාජ්‍ය විගණනයට ලක් නොවන නිසා මෙම ආයතන දෙක කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව නොලැබෙන බවත් මේ නිසා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ නොහැකි බවත් එහිදී මහාචාර්ය චරිත හේරත් මහතා පැහැදිලි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් කෝප් කමිටුවට පැමිණි මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙම ආයතන දෙකේ කොටස් වලින් 99%ක අයිතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු වන බැවින් මෙම ආයතන රජයේ විගණනයට ලක් විය යුතු බවත් එම නිසා එම ආයතන කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව සැලසිය යුතු බවත්ය.

කෝප් කමිටුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය පළ කිරීම නිසා ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කමිටුව හමුවට කැඳවීම ඉක්මනින් සිදු කරන ලෙස එම කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබාදුන්නේය.

99% කොටස් හිමි ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මේ සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට හැකි බවත් ඒ වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණ සහ කටයුතු ඉක්මනින් සිදු කොට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විශේෂයෙන් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් මෙම නීතිමය තත්ත්වයේදී ලිට්රෝ සමාගම වෙනුවෙන් කවර නීතිඥ සමාගමක් අධිකරණය වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න සහ ඒ වෙනුවෙන් කෙතරම් මුදලක් වැය වනවාද යන්න ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ගෙන් ප්‍රශ්න කළේය.

නමුත් ලිට්රෝ සමාගමේ නිලධාරීන් මෙහි නොමැති බැවින් ඒ සඳහා තමන්ට පැහැදිලි උත්තරයක් ලබා දීමට නොහැකි බව සභාපතිවරයා පිළිතුරු ලබාදුන්නේය.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මතු කළේ මෙවැනි තත්වයක් යටතේ වුවද මෙම ලිට්රෝ සමාගම කෝප් කමිටුවට කැඳවීමට අවශ්‍ය බව පැහැදිලි වන හෙයින් මෙම කාරණය විධිමත්ව ඉක්මනින් සිදු කළ යුතු බවයි.

එම ආයතන කැඳවන්නේ නැතිව එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට පිළිතුර ලබා දීමට නොහැකි බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ නිලධාරීන් ලිට්රෝ සමාගමේ කොටස් සම්බන්ධයෙන් තමන් වගකීමක් දැරුව ද එහි පරිපාලනය සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවත් එම කොටස් සම්බන්ධයෙන් තමන්ට පාඩුවක් වන්නේ නම් එම කොටස් විකිණීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම කමිටු රැස්වීම සඳහා අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ධ, අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, එස්. එම්. මරික්කාර්, ජගත් පුෂ්පකුමාර,රවුෆ් හකීම් හර්ෂ ද සිල්වා ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ප්‍රේමනාත්, ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාගර කාරියවසම්ටත් තනතුරක් දෙයි

Next Post

කොතලාවල විශ්විද්‍යාල පනතට අත් උස්සන්න පෙර හදවතට තට්ටු කර බලන්න… ආචාර්ය හරිනී අමරසූරිය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.