ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීතිබේ. බඉහරි ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම් කළ සංචිතයේ ක්‍රීඩකයෙක් වූ ලහිරු කුමාරට මේ තත්වය තුළ සංචාරයෙන් ඉවත් වීමට සිදු වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ඔහුට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවය.
හෙට අලුයම ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිතව තිබේ. ලහිරු කුමාර වෙනුවට කණ්ඩායමට නම් කරන ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැත.







