සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලසා මැරූ ඝාතකයා කුඩු සික් එකේ වන අලින්ගෙන් ජීවිතය බේරාගෙන සිදු කළ ලොවෙත් නැති පලා යෑම මහරගමදී කෙළවර වුන හැටි..

by editor
ඔක්තෝබර් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලසාව මරලා වෙපන් එක රිටන් කළාට පස්සේ  කෙලින්ම කුඩු පොට් එකකට ගිහින් පැකට් දෙකක් ගහලා මිනී මැරුම සිදුකළ දා රෑ ගෙදර ගත කරලා…

  • පහුවදා බිරිය සහ දරුවා එක්ක පැදිකරු සමග බයික් දෙකක බිරියගේ මහ ගෙදර ගිහින්… දරුවා අම්මලාගෙ ගෙදර නවත්තලා රෑට කාලා තුන්දෙනා බයිසිකල් දෙකක අනුරාධපුරේ යන්න පටන් අරන්…

  • බුත්තල හරියදෙි  අලි ගහන්න හදලා…. බේරිලා එනකොට බයික් දෙකෙන් පැදි කරුගේ බයික් එක හංගන්න ඩුබායිවලින් ඕඩර් එකක් ඇවිත්… ලොකේෂන් ෂෙයා කරලා බයික් එක හංගලා තියෙන්නේ ගල්ගේ හරියෙදි…

  • තුන්දෙනාම එනකොට මගදි බයික් එක කැඩිලා… එතන ඉඳලා  බයිකලේ හදාගෙන තුන්දෙනාම එක බයික් එකේ කැකිරාවට ඇවිත්…  කුඩු සික් එක නිසා කුඩු හොයාගෙන එනකම්  කැකිරාවෙ වැඩි වෙලාවක් ඉඳලා… අහු වෙලා තියෙන්නේ කුඩු හොයන් එන්න ගිය එකා සල්ලිත්  අරන් මග හැරිය හින්දා…

තොරතුරු එකින් එක හෙළි දරවු වෙමින් රටේ අපරාධ ලෝකයේ බිහිසුණු ගැඹුරු හෙළි වෙමින් ඇත. වැලිගම ලසා ඝාතනය වන්නේ අප නොසිතන ගැඹුරු සමාජ ව්‍යසනයක ස්වරූපය හෙලි දරවු කරමිනි.

දැන් ලසා ඝාතකයා අත් අඩංගුවට ගෙන ඇත. කිසිම චකිතයකින් තොරව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාමරයට ගොස් ඔහුව ඝාතනය කර පලා යන ඝාතකයා හක්මන පරණලියනගේ නුවන් තාරක හමුදා සෙබලෙක් නොවේ. විමර්ශනවවලින් හෙළිදරවු වන ආකාරයට ඔහු පහ පාස්, දැඩිව මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. වෙඩි තැබීමට ගල් කටස් තුවක්කුවක් යොදාගෙන තනිවම පුරුදු වු අයෙකි.

ඔහු විසින් ඝාතනයට සහාය කරගන්නා පැදිකරු ඔහුත් සමග කුඩු පැකට් එක ගහන කුඩු කාරයෙකි. මොහුට ලසා ඝාතන කොන්ත්‍රාත්තුව දෙන්නේ කවරෙක්දැයි අවබෝධයක් නැත. ලසා ඝාතනයේ  අරමුණ කුමක්ද, ලසා කාගේ කවුද, ලසා කළේ මොනවාද සම්බන්ධව මෙලෝ හසරක් නැත. පෙනී යන ලෙස කුඩුවලට ඇබ්බැහි වූ කුලී ඝාතකයා මේ ඝාතනයට මෙහෙයවන සාධකය ද කුඩු සික් එකය.

කොන්ත්‍රාත්තුව

මේ කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයාට ලසා ඝාතන කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ඩුබායි රාජ්‍යයෙනි.  ඝාතන කොන්ත්‍රාත්තුව ලක්ෂ 15කි. පැදිකරු සොයා ගැනීම ඝාතකයාට පවරන්නේය. ආයුධය ලබා දෙන පුද්ගලයා කවරෙක්දැයි ඝාතකයා දන්නේ නැත. ඔහුට සීසීටීවී නැති නුදුරින් වු පාලමක් අසල දී ආයුධය ලැබෙන්නේය.  වෙඩික්කරු සභාපතිවරයාගේ කාමරයට ගොස් ඔහුව ඝාතනය කර නැවත පලා යන අතරේ ආයුදය ඔහුට ලබා දුන් පුද්ගලයාටම නැවත ලබා දී පිටවී යන්නේය.  ආයුදධයේ කතාව එතනින් ඉවරය.

ඝාතනයෙන් පසු ඝාතකයා පැදිකරුත් සමග කෙළින්ම යන්නේ  මාතර පැත්තටය. ඒ කුඩු පැකට් එකක් ගහන්නටය. එහිදී පැදිකරුට සහ ඝාතකයාට යතුරුපැදි දෙකක් ලැබෙන්නේය. අනතුරුව දෙදෙනාම ඝතකයාගේ නිවසට එන්නේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඒ නිවසේ ඉන්නේ ඝාතන සැකකරුගේ මව පියා, බිරිය සහ ඔහුගේ 08 හැවිරිදි දරුවාය. පහුවෙනිදාම ඝාතන කොන්ත්‍රාත්තුවට අදාල ලක්ෂ පහළවක මුදල නෝට්ටුවලින්ම කුලී ඝාතකයා වෙත ලැබෙන්නේය. ඒ සමගම ඔහුට  ඩුබායිවලින් ලැබෙන තොරතුකි. එනම් වහාම ඉන්නා තැනින් පිටවන ලෙසය. ඩුබායි සිට වෙඩික්කරු මෙහෙයවන පුද්ගලයා කියන්නේ හැකි ඉක්මනින්  අනුරාධපුරයට යන ලෙසත් අනුරාධපුයේ දී ඔහුව බලා ගන්නට කටයුතු කර ඇති බැවින් අනුරාධපුරයට පැමිණ දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ය.

එම උපදෙස් අනුව වෙඩික්කරු පැදිකරුටත් කතා කර ඔහුගේ බිරිය සහ දරුවාද යතුරුපැදියේ නන්වාගෙන කෙලින්ම යන්නේ බිරියගේ මවගේ නිවසටය. එම නිවස ඇත්තේ අම්බලන්ගොඩය. යන ගමන් මවට දුරකථනයක්, නව සිම් පතක් මිලදී ගන්නේය. එදින රාත්‍රියේ බිරියගේ මවගේ නිවසින් ආහාර රැගෙන දරුවා බිරියගේ මව ලඟ නවත්වා වෙඩික්කරු බිරිය සහ පැදිකරු සමග යතුරු පැදි දෙකකින් අනුරාධපුරය දක්වා සංචාරය ආරම්භ කරන්නේය.

ගමන  යන්නේ බුත්තල පාරෙනි. වන අලි ගැවසෙන මාර්ගයේ මහ රෑ ගමන් අරඹන තිදෙනාට ගල්ගේ ප්‍රදේශයේ දී වන අලි මුණ ගැසෙන්නේ එල්ල වන්නේ අනපේක්ෂිත අයුරිනි. අනූ නවයෙන් ජීවිතය බේරාගෙන පලා යන පිරිසට මේ අවස්ථාවේ දී  ඩුබායිවලින් පණිවිඩයක් ලැබෙන්නේය. ඉන් කියැවෙන්නේ ඝාතනය සඳහා යොදා ගත් පැදිකරු පැදගෙන යන යතුරුපැදිය හඳුනාගෙන ඇති බැවින්  එය කැලෑ රොදක සඟවා “ලොකේෂන් “ එක එවා පලා යෑම අරඹන ලෙසය.

ලැබෙන උපදෙස් අනුව යතුරුපැදිය සඟවා තබන්නේ බුත්තල මාර්ගයේ ගල්ගේ නැමැති ප්‍රදේශයේ කැලෑ රොදකය. කෙසේ වෙතත් පසුදා බලන විට යතුරුපැදිය තිබී නැත. ඩුබායි අපරාධ කල්ලිය විසින් යතුරුපැදිය කිසිවෙක් හරහා නැවත ගෙන ගොස් ඇති බව පොලිසිය කීවේය.

ට්‍රිබල් දමා ගමන් ඇරඹීම

එතැන් සිට තිදෙනාම ගමන් කරන්නේ එක් යතුරු පැදියකය.  එළිවන ජාමයට තිදෙනා රැගත් යතුරුපැදිය වැල්ලවායෙන් උඩට ගොසිනි. කෙසේ වෙතත් රිදීමාලියැද්ද පැත්තේ දී යතුරු පැදිය කැඩී යන්නේය. එම එන්ජින් දෝෂය නිවැරදි කිරීම සඳහා පැය කීපයක් ගරාජයක ගත කරන්නට මේ තිදෙනාට සිදුවන්නේය. අනතුරුව ගමන් කරන්නේ තැන තැන කැඩෙන යතුරුපැදිය ආයාසයෙන් හදා ගනිමිනි.

මේ වනවිට තිදෙනා ඌව පළාතෙන් උතුරු මැද කලාපය වෙත යොමු වී තිබිණි.  රාත්‍රියේ මග කඩේකින් ආහාර ගෙන තිදෙනා කැකිරාවට ලඟා වන්නේ 25 දා එළිවන ජාමයේය. වැල්ලවාය, රිදීමාලියද්ද, මහියංගණය, බකමූණ හරහා ගමන් කරමින් සිට ඇත්තේ අනුරාධපුරය වෙතය.

මේ වනවිට මාතරින් ගැසූ කුඩු පැකට් දෙකේ සහ අතර මැද එන ගමන් ගැසූ කඩු පැකට් දෙකේ  සැර දෙදෙනාටම අඩු වී  නැවත කුඩු සික් එක මතු වී තිබිණි. දැන් දෙදෙනාට පැකට් දෙකක් සොයා ගන්නට අවශ්‍ය ය.

මින් පෙර වෙඩික්කරු කැකිරාව පැත්තේ බැකෝ එකක රැකියාව කර තිබිණි.  ඒ කාලයේ දී ඔහු විසින් හඳුනාගත් කුඩු ගහන වඩේ කාරයෙක් සිටියේය. උගේ වඩේ කරත්තය තිබුණෙ කැකිරාව ටවුමේ බාර් එකක් ඉදිරියේ ය. මේ වනවිට වෙඩික්කරු අත ෆෝන් දෙකකි. මින් එක ෆෝන් එකකින් වඩේ කාරයා අමතා වෙඩික්කරු කියන්නේ කොතැන්නි හෝ   කුඩු පැකට් දෙකක් සොයා ගැනීම උදවු කරන ලෙසය.

කුඩු පැකට් දෙකට රුපියල් 25000ක මිලක් වෙඩික්කරු සිය මිතුරු වඩේ කාරයාට ලබා දිමෙන් පසු කුඩු පැකට් දෙකක් ලැබෙන්නේය. දැන් මේ අයට කුඩු ගැසීම සඳහා තැනක් අවශ්‍යය. කැකිරාව නිවාස 50 පැත්තට මේ කණ්ඩායම රැගෙන යන්නේ වඩේ කාරයා ය.

කුඩු සික් එක නිසා විමර්ශන අංශ වෙත කොටු වීම

දැන් අනුරාධපුරයට ගමන් ආරම්භ කළ යුතුය. ඊට කලින් තවත් කුඩු පැකට් දෙකක් ගෙන්වා ගැනීම සඳහා  රුපියල් 25,000ක් වඩේ කාරයාට දෙන තුන්දෙනා අත් හැර දැමූ නිවසේ ඉන්නේ බඩු ලැබෙන තුරුය.  . වඩේ වෙ‍ළෙන්දා මුදල් රැගෙන ගියද නැවත පැමිණ නැත.

ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දුරකථන ජාල විශ්ලේෂණයක් ඔස්සේ සැකකරු රැඳී සිටින ස්ථානය හඳුනාගෙන කැකිරාව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවේ සහය ඇතිව ප්‍රදේශය වටකර සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත්කර තිබිණි. වෙඩික්කරු සමඟ වැලිගම සභාපති ඝාතනයට ගිය යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ සහ තවත් අයෙක් පොලීසිය අත්අඩංගුවට ගත්තද සැකකාර  වෙඩික්කරු එම අවස්ථාවේදී පොලීසිය සමඟ පොරබදා පලාගොස් ගියේය.

එසේ පලාගිය සැකකරු කැකිරාවේ සිට කොළඹ බලා පැමිණ ඇත්තේ ඩුබායි සිට ඔහු මෙහෙයවමින් සිටි පුද්ගලයා විසින් දුරකතනය ඔස්සේ ලබාදුන් උපදෙස්වලට අනුවය. ඔහු කොළඹ පිටකොටුවෙන් බහින්නේය. මේ වනවිට දුරකථනයේ බැටරි බැස ඇත.  රුපියල් 20ක් කමියුනිකේෂන් එකකට ලබාදී සිය ජංගම දුරකතනයද විනාඩි 20ක් තුළ ආරෝපනය කරගන්නා සැකකරුට දැන් යලිත් කඩු සික් එකය. ඔහු කුඩු සොයමින් කොටුවේ ඇවිදින්නේය.

මේ වනවිටත්   වෙඩික්කරු සොයා පොලීසිය   කොළඹ පීරමින් දැඩි සෝදිසි මෙහෙයුමකය. බස් රථයට නැග්ග අවස්ථාවේ සිටත් ක්‍රියාත්මක ඔහුගේ දුරකථනයේ දත්ත විශ්ලේෂණයෙන්  ඔහු කොළඹට පැමිණ ඇති බව දුරකතන ජාල විශ්ලේෂණ ඔස්සේ ඝාතකයා දැන් ඉන්නේ කොළඹ බව විමර්ශන අංශ දැනගෙන තිබිණි.

මේ තත්ත්වය ඩුබායි සිටි මේ සැකකරුව මෙහෙයවන පිරිසත් සැක කරන්නේය. ඩුබායිවලින් සික් එකේ ඇවිදින සැකකරුට කුඩු වඩියක් සෙට් කරන්නේ සැකකරුගේ විකාර හැසිරීම වළක්වා ගැනීමටය. සැකකරුව සහස්පුරදී යම් පුද්ගලයෙකුට මුණ ගස්වන්නේය. ඔහු සමග සැකකරු ඔහුගේ නිවසට ගොස් කුඩු වඩියක් ගහන්නේය.

අනතුරුව ඩුබායිවලින් ඔහුට උපදෙස් ලැබෙන්නේ කොණ්ඩය රැවුල කපා ගන්නා ලෙසය. ස්වරූපය වෙනස් කරගන්නා ලෙසය. ඒ වනවිට වෙඩික්කරුගේ  ඡායා රූපයක් ප්‍රසිද්ධ කරමින් ඔහුව අත් අඩංගුවට ගන්නට සහාය වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි ආකාරය ද ඩුබායිවලින් සැකකරු වෙත දන්වා තිබිණි. සැකකරු කොණ්ඩ රැවුල් කපාගෙන ඇත්තේද සහස්පුර පිහිටි සැලුන් එකකිනි.

පැය කිහිපයක් බොරැල්ල සහස්පුර රැඳී සිටි ඔහු සිය ජංගම දුරකතනයේ සිටි කාඩ්පත ගලවා දුරකතනය තමා සමඟ මත්කුඩු භාවිත කළ පුද්ගලයාට ලබාදී පිටත්ව ඇති බව අනාවරණය වී ඇත. ඒ යන අතරතුර එම සිම්පත වෙනත් දුරකතනයකට දමාගෙන එය භාවිතකර ඇති බව හෙළි වී තිබේ. ඔහු සතුව දුරකතන දෙකක් මුල සිටම තිබී ඇති බව ද අනාවරණය වන්නේය.

අතරමඟදී ඔහු වෙ‍ළෙඳසැලකින් කැප් එකක් සහ අවු කණ්ණාඩියක් ද මිලදී ගෙන එය පැලඳගෙන ගමන්කර ගමන් කර ඇත්තේ කොට්ටාවටය. සැකකරුගේ අභිලාෂය දකුණට යළි ගමන් කිරීමය. එය වළක්වන්නේ ඩුබායි සිට ඔහුව මෙහෙයවූ පුද්ගලයා ය. ඒ අනුව ඔහු මහරගමට එන්නේය. මහරගමට පැමිණි සැකකරු නාවින්නේ දුරකථන අලෙවෙි සලකට යන්නේ කේබල් එකක් මිලදී ගන්නටය. එය මිලදී ගෙන එළියට එන විට මුළු මහරගමම පීරමින් විමර්ශන නිලධාරීන් බුද්ධි නිලධාරීන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැකකරුව  සොයමිනි. නිරන්තරව ඔහුගේ දුරකථන ජාල විශ්ලේෂණයන් ඔහු ඉන්නා තැන ඉඟි ලබා දෙන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉඟි අනුව විමර්ශකයින් අදාල ස්ථානවෙත යොමු කරමිනි.

වෙස් වෙනස් කරගෙන සිටි සැකකරු අත් අඩංගුවට ගැනීම

මේ අතර වැඩ ඇරී එන රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියෙක් සැකකරු ගේ මුහුණට හමුවන්නේය. නිලධාරියා සැකකරුව හඳුනා ගන්නේය. ඒ සමගම පලාය යන සැකකරු නවත්වා ගන්නේ මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් විසිනි. ඔවුන් සිතන්නේ මේ තැනැත්තා ජංගම දුරකථන අලෙවිසලෙන් යමක් සොරාගෙන පලා යන්නෙක් ලෙසය. මිනිසුන් අතට සැකකරු අසුවී විනාඩි කීපයකින් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියාගේ දැනුම්වත් කිරීම මත මහරගම අවට මෙහෙයුමේ යෙදී සිටි ආරක්ෂක අංශවල නිලධාරීන් පැමිණ සැකකරු අත් අඩංගුවට ගන්නේය.

දැන් මේ කතාව බලන අපට ඇතිවන ප්‍රධානම ගැටලුවක් වන්නේ මේ වෙස් වෙනස් කරන් සිටි පුද්ගලයා රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් එක්වරම හඳුනාගත්තේ කෙසේ ද යන්නය.

මේ වෙස්වලා ගැනීම ගැන පුරෝකථනයක් රාජ්‍ය බුද්ධි නිලධාරීන්ට තිබිණි. වෙස් මාරු කරගෙන සිටියත් වෙඩික්කරුව හඳුනා ගැනීමට පොලීසියට හැකියාව ලැබෙන්නේ ඒ අයි තාක්ෂණයෙන් සැකකරුගේ ඡායා රූප  08ක් විවිධ ස්වරූප‍යෙන් සකස්කර ඒ හැම රූපයක්ම රහසිගත විමර්ශන කණ්ඩායම් වෙත ලබා දී තිබීමය. රාජ්‍ය බුද්ධිසේවයේ නිලධාරියා උදේ සිටම ගත කර තිබුණේ ඒ ඡායාරූප සහිත විමර්ශන ක්‍රියාවලියකය.  දුටු මනතින් වෙස් වෙනස් කරන් සිටි පුද්ගලයා නිලධාරියා විසින්  හඳුනා ගන්නේ ඒ් හුරුවෙනි.

අත් අඩංගුවට පත්  අවස්ථාවේදී ඔහුගෙන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එහිදී ඔහු ඩුබායි ලොක්කා යැයි යම් පුද්ගලයෙක් ගැන සඳහන් කර තිබේ. දැන් ප්‍රශ්නය එන්නේ ඩුබායි සිට අපරාධකරු හැසිරවූ ඩුබායි ලොක්කා කවුද යන්නය.

ඩුබායි ලොක්කා කවුද?

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය ඩුබායි සිට කණ්ඩායමක් විසින් මෙහෙයවා ඇති අතර හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන මිදිගම චූටි සිටින බවට විමර්ශන නිලධාරීන්ට තොරතුරු අනාවරණය වී තිබේ.

මිදිගම චූටිට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක් පවා නිකුත් කර ඇත. ඒ අනුව ඕමාන පොලීසිය මඟින් පසුගිය ජුනි මාසයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ බව ජාත්‍යන්තර පොලීසිය මඟින් ඕමාන පොලීසිය මෙරටට නිල වශයෙන්ද දැනුම්දී තිබී ඇත. ඔහුට එරෙහිව එරට අධිකරණයේ නඩුවක් පවතින බැවින් නඩුව අවසන් වීමෙන් අනතුරුව මෙරටට භාරදෙන බවද දැනුම්දී තිබී ඇත.

මිදිගම චූටි විසින් මෙම ඝාතන සැලසුමට සම්බන්ධ වී ඇතැයි හෙළි වන්නේ ඔහු ඕමාන් අත්අඩංගුවේ සිටියදීය.

මේ අතර සැකකරු  සහස්පුර තමන් සමග එකට කුඩු වඩිය ගැසූ  පුද්ගලයාට ලබා දී ගිය   ජංගම දුරකථනයද පොලීසියට හමුවී ඇත. එම පුද්ගලයාව ද අත්අඩංගුවට ගෙන තිබේ. එම ජංගම දුරකථනය මෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාව දක්වා සැකකරු භාවිත කළ දුරකතනය සම්බන්ධයෙන්ද වෝහාරික පරීක්ෂාවක් සිදුකරමින් සැකකරු සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන්ගේ මෙන්ම ඔහුව මෙහෙයවන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.  මේ වනවිට වැලිගම සභාපතිවරයාගේ ඝාතනය මෙ‍ෙහයවීමට  ඩුබායි සිටි පුද්ගලයා සම්බන්ධ වූ බව සඳහන් දුරකතන අංක ද   අනාවරණය වී තිබේ.

එම අංක ජාත්‍යන්තර පොලීසිය මඟින් ඕමානයට යොමුකර තවදුරටත් තොරතුරු සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම ඝාතනය සඳහා වෙඩික්කරුව මෙහෙයවා ඇති ඩුබායි කණ්ඩායම අතර රජිත නමැත්තා මෙන්ම ඩුබායි ලොක්කා නමැත්තාද සිටින බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එහෙත් තවමත් රජිත කවුද දන්නේත් නැත. ඩුබායි ලොක්කා කවුද දන්නේත්  නැත.  හේතුව වන්නේ  රටින් පලාගොස් විදේශගතව රැඳෙමින් මෙරට අපරාධ මෙහෙයවන පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්‌ගේ ලැයිස්තුවේ මේ කියන පුද්ගල නාම නොමැති වීමය. පොලිස් තොරතුරු දන්වා සිටින්නේ මේ පුද්ගලයින් කවුදැයි  සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

තවත් දෙයක් කිව යුතුය. මේ විමර්ශනය මේ තරම් සාර්ථක වන්නට හේතුවක් ඇත්තේය. ඒ් එකෙක් පරයා ලකුණු ගන්නට නොගොස් තමන්ගේ කොටස කදිමට කළ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව, රාජ්‍ය බුද්ධි අංශය, විශේෂ කාර්ය බලකාය, පොලිස් බුද්ධි අංශ ඇතුළු සමස්ථ විමර්ශන නිලධාරීන්ගේ ඒ්කාබද්ධ මෙහෙයුම් ප්‍රයත්නයක අවසන් සාර්ථකත්වය ය. රටකට අවශ්‍ය ආදර්ශය ගොඩනැගුන  ආකාරය දැන් රටම දන්නා බැවින් මේ වනවිට පැත්තක සිට පැන බොරුවට ලකුණු ගන්නට හදන නිලධාරීන්ට කිවයුතුව ඇත්තේ නිරුවත් නොවී වෘත්තීය භාවය ආරක්ෂා කරගන්නා ලෙසය.

ලසා මැරුවේ ඇයි?

එය තවමත් ඳනොවිසුන ප්‍රශ්නයකි. විමර්ශන කෙළවර  හේතුව අනාවරණය වනු ඇත. ඒතෙක් අනුමැාන පල නොකර සිදුවන විමර්ශන ක්‍රියාවලිය දෙස බලා සිටීම යහපත්ය. ( ගයාන් වීරසිංහ විසින් දිනමිණ  පුවත්පතට සැපයූ  ලිපියක් ඇසුරින් සැකසිනි)

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වටේ මැනලා ගන්නේ… කිලෝ එකට ගෙඩි 08කට වඩා බෑ… සතොසේ නල්ලමලේ ලොකු ලූනු මිල දී ගැනීම!

Next Post

මහින්දානන්දගේ සහ නලීන් ප්‍රනාන්දුගේ දඬුවමට එරෙහි අභියාචනා කැඳවීමට දින නියම වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.