සෙලාන් බැංකුවේ ආරම්භක සභාපති සහ සෙලින්කෝ කොන්සොලිඩේටඩ් හි හිටපු සභාපති දේශමාන්‍ය දේශබන්දු ලලිත් කොතලාවල (84) අභාවප්‍රාප්ත වූයේය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පැවසුවේය.
දේශමාන්‍ය දේශබන්දු ජීවක ලලිත් භූපේන්ද්‍ර කොතලාවල යනු විශිෂ්ඨ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. ව්‍යවසායකයෙකි. සෙලින්කෝ කොන්සොලිඩේටඩ් හි සභාපතිවරයා වූ ඔහු සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද විය. වර්ෂ ඔහු 2007 ශ්‍රී ලංකාවේ ධනවත්ම ලැයිස්තුවට ලලිත් කොතලාවල ඇතුළත් විය.
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ලලිත් කොතලාවල වරලත් ගණකාධිකාරීවරයෙකි. ඔහු එම විෂය හ හැදෑරුවේ එක්සත් රාජධානියේ ය. එමෙන්ම ලලිත් කොතාලාවල යනු ලංකාවේ තුන්වන අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ ඥාති පුත්‍රයාය
බැංකුකරණය, බැංකු නොවන මූල්‍ය, ආයෝජන බැංකුකරණය, නිවාස හා දේපළ සංවර්ධනය, සංචාරක සහ විවේකය, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ඇතුළු නව ක්ෂේත්‍ර වෙත සිය ව්‍යාපාර සමූහය ව්‍යාප්ත කරමින් ඔහු අති විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගත්තේය.
කෙසේ වෙතත් ඔහු විෂයෙහි දේශපාලනිකව ගත් යම් යම් තීන්දු මෙන්ම අසාර්ථක වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමේ රුපියල් බිලියන 26ක ආයෝජන සම්බන්ධව වූ චෝදනා මත මේ කීර්තිමත් ව්‍යාපාරිකයා ගොඩනැගූ සමස්ථ ව්‍යාපාර සමූහය බිඳ වැටි ගියේය.







