දිනසේන රතුගමගේ
බ්‍රිතාන්‍යයේ වේල්සයේ පිහිටි බ්‍රෙකන් බීකන්ස් විලේ ගිලෙමින් සිටි විදේශික කුඩා දරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට ක්‍රියා කළ යාපනයේ තරුණයෙකු එම විලේම ගිලී 6 දා මියගොස් තිබේ.
මෝහනනිදන් මුරුගානන්තරාජා නැමති 27 හැවිරිදි මෙම තරුණයා දියේ ගිලෙමින් සිටි විදේශික කුඩා ළමයින් දෙදෙනා බේරා ගෙන ගොඩට රැගෙන විත් ඇති අතර අවසානයේදී ඔහු එම විලේ ගිලී ඔහුගේ මළ සිරුර දියයට සැගව ගොස් තිබේ.
පොලිසිය, ගුවන් ගිලන් රථ, ගිනි නිවන ඒකකය ඇතුළු හදිසි සේවා එම ස්ථානයට ගොස් මෝහනනිදන්ගේ දේහය සෙවූ නමුත් ඒ අවස්ථාවේදී ඔහුගේ සිරුර ගොඩ ගැනීමට නොහැකි වී තිබේ.
පසුව එම විලට විශේෂිත කැමරාවක් යවා ඉන් ලැබුණු දර්ශන ඔස්සේ කටයුතු කරමින් මඩේ එරී සිටි ගේ මළ සිරුර ගොඩ ගෙන තිබේ.
මෝහනනිදන්ගේ අවමංගල්‍ය කටයුතු බ්‍රිතාන්‍යයේදී සිදු කිරීම සඳහා GoFundMe නැමති සමාජමාධ්‍ය ජාලා පිටුවක් ඔස්සේ අරමුදල් රැස්කරමින් සිටින අතර මේ වන විට එම අරමුදලට බ්‍රිතාන්‍ය පවුම් විසි දහසකට වඩා ලැබී ඇතැයි ලන්ඩන් නුවරින් වාර්තා වෙයි.
මෝහනනිදන් මුරුගානන්තරාජා ලන්ඩනයේ රැකියාවක් සඳහා ගොස් ඇත්තේ මීට වසර දෙකහමාරකට ඉහතදී වන අතර ඔහු යාපනයේ වෙලනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.







