හැටන් රංජිත් රාජපක්ෂ –
රු ලක්ෂ 20 කට අලෙවි කිරිමට රැගෙන පැමිණි තල්මස් ඇන්බර කිලෝ 1 ග්‍රැම් 270 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (16) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව දිඹුලෙපතන පොලිසිය පැවසීය.
කෑගල්ල සහ නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා තල්මස් ඇන්බර කිලෝ 1 ග්‍රැම් 270 ක් රැගෙන විත් දිඹුල පතන ප්‍රදේශයේ පුද්ගලයෙකුට රු ලක්ෂ 20 කට අලෙවි කිරිමට සුදානම් කර ඇති බවට දිඹුලපතන පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්තාවේ සැකකරුවන් දෙදෙනා පලා ගොස් තේ වත්තේ සැඟව සිටියදි දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ලුහුබදින අවස්තාවේ එක් සැකකරුවෙක් සන්තකයේ තිබි ඇන්බර කිලෝ 1.270 හැටන් කොටගල රෝහල අසල තේ වත්තේ විසි කර දමා තිබියදි පොලිසිය විසින් දැඩි පරිශ්‍රමයක් දරා සොයාගෙන ඇත.
තල්මසුන්ගේ උදරේ තැන්පත්ව ඇති මේදය වමනය ලෙස පිටකරන විට ඒවා මුහුදේ පාවෙමින් තිබෙන්නේය. දැඩි දුඟදකින් යුතු ඇන්බර අධික ඉහල මිලකින් යුත් සුවද විලවුන් නිෂ්පාදනය කිරිම සඳහා භාවිතා කරන දුර්ලභ අමුද්‍රව්‍යයකි. තහනම් ද්‍රව්‍යයක් වූ ඇන්බර සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පැවසිය.
නුවරඑලිය කොට්ඨාස භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මණ , සහකාර පොලිස් අධිකාරි 03 මාණින්ගමුවගේ උපදෙස් පරිදි දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි ඇතුළු නිලධාරින් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.