දිනසේන රතුගමගේ –
අද (24) උදෑසන යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ කිළිනොච්චියේ අලිමංකඩ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා වෑන් රථයක් එකුනෙක මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරෙන් තුවාල ලැබූවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරා වන අතර තුවාල කරුවන්ද වෑන් රථයේ ගමන් කළ පිරිස වෙති.
බස් රථයේ ගමන්කළ පිරිස තුවාල ලබා නොමති අතර මෙම අනතුර හේතුවෙන් බස් රථයට හා වෑන් රථයට දැඩි අලාභහානි සිදුව තිබේ.
පාරේ සිටි ගව රැලක් කුලප්පු වී බස් රථය මැදට පැනීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර අනතුර හේතුවෙන් ගවයින් 8 දෙනෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇත.
මහා මාර්ගයේ ගවයින් නිදැල්ලේ යාම නිසා මේ දිනවල උතුරේ සෑම පළාතකම රිය අනතුරු ඉතා බහුලව සිදුවන බව පොලීසිය වගකිව යුත්තන් දැනුවත් කොට තිබියදී මෙම අනතුර සිදුව තිබේ.
පලෙයි පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.