බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා T10 ලීගයේ දී ඩොලර් 30 000කට තරග පාවා දෙන්න යෝජනා කර හිරේ තපින ගෝල් මාවලස් ලොක්කා….

by editor
දෙසැම්බර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘ලංකා T10’ සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් මනීෂ් ටකාර් දෙසැම්බර් මස16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද ( 14) වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට පැමිණවූ අවස්ථාවේ දීය.

‘ඩොලර් 30000ක් දෙන්න පොරොන්දු වෙලා’

ක්‍රීඩා වැරදී වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක, අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කරන මෙම සැකකරු තම කණ්ඩායමේ ක්‍රීඩා කරන බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා යෝජනා කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

තමා විසින් නම් කරන පන්දු යවන්නන්ට අදක්ෂ ලෙස ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු විසින් අදාළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයාට යෝජනා කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 15,000 ක මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පැවසුවේය.

මේ ආකාරයෙන් කටයුතු කළහොත් තවත් ඇමෙරිකානු ඩොලර් 30,000ක මුදලක් ලබා දෙන බවට ද එම ක්‍රීඩකයාට මෙම සැකකරු විසින් පොරොන්දු වී තිබෙන බව ද ඔහු පෙන්වා දී තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුට එරෙහිව වෝහාරික මෙන්ම අනෙකුත් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේය.

ඒ අනුව මෙම සැකකරු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය.

තමා සිදුකළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මෙම සැකකරු විසින් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් නම් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කඩිනමින් සලකා බැලිය හැකි බවත් එහිදී රජයේ නීතිඥවරයා පැවසුවේය.

ඡායාරූප ශීර්ෂ වැකිය,ලංකා T10 තරගාවලිය සඳහා ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව

කෙසේවෙතත් එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකාර ඉන්දීය ජාතිකයාගෙන් විමසා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් ද යන්නයි.

එම අවස්ථාවේදී සැකකරු සඳහන් කළේ තමා එවැනි ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ලබාදීම පිළිබඳව හොඳින් සිතා බලා ඒ පිළිබඳව මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට පවසා තිබේ.

ඉන් අනතුරුව අදාළ සැකකරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනා කරගත කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්‍ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ පොලිස් ඒකකයට නියෝග කරන ලදී.

‘අවස්ථා දෙකකදී උත්සාහ කරලා’

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ අත්අඩංගුවට ගනු ලැබූ ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු අවස්ථා දෙකකදී විදේශීය ක්‍රීඩකයාව තරග පාවා දීමට පෙළඹවීම් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

“ඔය කියන ඉන්දීය ජාතිකයා තමයි කණ්ඩායමේ හිමිකරු. එතකොට මේ සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයා විදේශීය ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයා ලංකාවට එන්න කලින් මෙයත් එක්ක හිතවත්කමක් තිබිලා තියෙනවා.”

”පළවෙනි වතාවට යෝජනා කරලා තියෙනවා එක මැච් එකක් ෆේල් වෙන්න කියලා. ඒකට මේ ක්‍රීඩකයා කෙලින්ම බැහැ කියලා තියෙනවා. ඊට පස්සේ මේ හිමිකරු දිගින් දිගටම බලපෑම් කරද්දී ඒ ක්‍රීඩකයා නිශ්ශබ්දව ඉදලා තියෙනවා.”

”ඊට පස්සේ මේ කණ්ඩායමේ හිමිකරු දෙවැනි වතාවට යෝජනා කරලා තියෙනවා අර මැච් එකේදී ‘ මම ඔයාව කැප්ටන් කරන්නම්… අහවල් පන්දු යවන්නාව තරගය මැදදී මම කියන වෙලාවට බෝල් කරන්න දාන්න කියලා.’ එතකොට මේ ක්‍රීඩකයා ඒකටත් එකඟ වෙලා නැහැ.”

”මේ සිද්ධි දෙකත් එක්කම තමයි මේ ක්‍රීඩකයාට තේරුම් ගිහින් තියෙන්නේ මේ මැච් ෆික්සින් එකට තමයි එන්න හදන්නේ කියලා, පස්සේ මේ ක්‍රීඩකයා පැමිණිල්ල අරන් ආවේ.”

”ඉන් පසුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කරලා සැකකරුව අත්අඩංගුවට අර ගත්තේ එයා රටින් පිටවෙන්න උත්සා කරයි කියන සැකය මත.’ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු අධිකරණය හමුවට ගෙන එන ලද අවස්ථාව

තරග පාවා දීමට අදාළ මෑත ඉතිහාසයේ සිදුවීම්

මුදලට තරග පාවා දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ මෙරට ක්‍රිකට් පිටියෙන් වාර්තා වූ ආසන්නතම සිදුවිම් කිහිපයක් ඇත.

මහනුවර, පල්ලෙකැලේ 2023 වසරේ පැවැති “ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි” තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙහිව උපුල් තරංග විසින් කළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් මාතලේ මහාධිකරණය හමුවේ මේ වන විටත් නඩුවක් විභාග වෙමින් තිබේ.

එමෙන්ම මෙම වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරිත්වය දැරූ තමීම් රහ්මාන් නමැත්තා තරග පාවා දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඔහු ඇප මත මුදාහරිනු ලැබිය.

‘අපි හැමෝම දැනුවත් කළා’

ලංකා T10 තරගාවලියේදී ක්‍රීඩකයෙකු මුදලට තරග පාවා දීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙවර ක්‍රීඩකයින් පමණක් නොව, කණ්ඩායම් කළමනාකරුවන් ඇතුළු සියලුම දෙනා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

”සාමාන්‍යයෙන් ලංකාවේ ලීග් තරගාවලියක් සංවිධානය කරද්දී අපි ICC ඒකෙ දුෂණ විරෝධී ඒකකයේ නිලධාරීන්ට ආරාධනා කරනවා ලංකාවට එන්න කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකෙ තියෙනවා වෙනම ඒකකයක්. මේ ඔක්කොම නිලධාරීන් හැම තරගයකටම සහභාගී වෙනවා. වැරැද්දක් වුනොත් ඉක්මනටම අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා.”

”ලෝකයේ අනිත් රටවල තියෙන ලීග් තරගාවලිවලදී මෙහෙම ඇන්ටි කරප්ෂන් එකේ නිලධාරීන් යන්නේ නැහැ.”

”මේ පාර ටුනමන්ට් එක පටන් ගන්න කලින් අපි ක්‍රීඩකයින්ව විතරක් නෙමෙයි, කණ්ඩායම්වල මැනේජස්ලගේ ඉදලා හැම කෙනෙක්ම මුදලට තරග පාවාදීම් සිදුවීම් ගැන දැනුවත් කළා. ඒ වගේමයි අපි ලීෆ්රට්ස් පවා ප්‍රින්ට් කරලා බෙදලා දුන්නා.’ එම උසස් නිලධාරියා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරු කිව්වෙ නෑ… අධ්‍යාපන සුදුසුකම් ඉදිරියේ දී ඔප්පු කරනවා… කථානායක ධූරයෙන් ඉල්ලා අස්වෙමින් අශෝක රන්වල පවසයි…

Next Post

රජයේ ප්‍රමුඛතා අනුව මූල්‍ය තාක්ෂණ පහසුකම් හදන්න බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම පොරොන්දු වෙයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.