ජාත්‍යන්තරව පිළිගත් සහ සම්මාන රැසකින් පිදුම් ලත් සෞඛ්‍ය සේවා සපයන්නකු වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී 2022 මාර්තු 31 වැනි දායින් අවසන් වූ කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් ඉහළ ආදායම් වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. රෝහල් සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය ඉහළ නංවමින් පසුගිය වසරේ මුල් කාර්තුවේ ආදායම වූ රුපියල් බිලියන 2.2ට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුවේදී වාර්තා කළ ආදායම රුපියල් බිලියන 2.8 කි. එය අභියෝගකාරී සහ තරගකාරී වෙළෙඳපොළ පරිසරයක් තුළ ලැබූ 27%ක අද්විතීය වර්ධනයකි. ලංකා රෝහල් සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රුපියල් බිලියන 1.5ක බදු පසු ලාභයක් රෝහල් සමූහය වාර්තා කර ඇති බවයි. ඊට රුපියල් මිලියන 550ක මෙහෙයුම් ලාභයක් සහ රුපියල් බිලියන 1.5ක මූල්‍ය ආදායමක් අන්තර්ගතය. 2021 වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 2022දී මෙහෙයුම් ලාභය 52%කින් වර්ධනය වී තීබීම සුවිශේෂත්වයකි. රෝහල් සමූහයේ ශුද්ධ වත්කම් ප්‍රමාණය 2022 මුල් කාර්තුවේ රුපියල් බිලියන 1.4කින් ඉහළ ගොස් ඇත.
“රෝහල් සමූහයේ අඛණ්ඩ වර්ධනය සහ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව මම සතුටට පත් වෙනවා. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා ඉහළම ගුණාත්මකභාවයකින් යුක්තව සාධාරණ මුදලකට සැපයීමට ලංකා රෝහල් සමූහය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.” ලංකා හොස්පිටල්ස් සමූහයේ සභාපති විද්‍යාජෝති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතා පැවසීය. “කළමණාකාරීත්වයේ ඉලක්කගත නිවැරදි දැක්ම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ, සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩලයේ සහ රසායනාගාර කාර්ය මණ්ඩලයේ අපරිමිත කැපවීම මෙම විශිෂ්ට කාර්ය සාධනයට ප්‍රධාන හේතුවක් වුණා. ලංකා රෝහල් සමූහයේ සේවා විශිෂ්ටත්වය නිසා පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹීමට අපට හැකි වී තිබෙනවා.” ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය. මෙම වසරේදී ලංකා රෝහල් සන්නාමය ලෙසද zThe Most Awarded & The Most Loved Healthcare Brand In Sri LankaZ ලෙස LMD සහ බ්රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලදී.