අද පස්වරු 1ට පමණ මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ දී සිදුවුන ද්වි පුද්ගල ඝාතනයට කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුවන පානදුර සලිදු නැමැත්තා විසින් කරවන ලද්දක් බවට පොලිස් විමර්ශන අංශ සැක කරයි.
.කටුබැද්ද ,බණ්ඩාරණායක මාවතේ නවතා තැබූ මෝටර් රථයක සිටි සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙක් විසිනි.
මරා දමා ඇත්තේ පානදුර පිංවත්ත දුම්රියපල පාරේ යොන්මේරිඤ්ඤ හේවගේ නිලන්ත කුමාර සිල්වා සහ පානදුර කළුදාවල හේනෙ වත්තේ පදිංචි මොහොමඩ් සවුදා මොහොමඩ් සම්ෂඩ් නැමැති පුද්ගලයින් දෙදෙනෙකි.
යොන්මේරිඤ්ඤ හේවගේ නිලන්ත කුමාර සිල්වා නැමැත්තා බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වී සිටින පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.