ලංකාවේ ලාබාලතම හදිසි මරණ පරික්ෂකවරයා ලෙසවර්ෂ 1939 දී පත්වීම ලැබ, වසර හැට දෙකක වැඩිම කාලයක් සේවයේ යෙදී සිටි වාසළකුලඋතුං විජේකෝන් මුදියන්සේලාගේ කුඩාබණ්ඩා විජේකෝන් මහතා වසර 106 ක් නිරෝගිව ජීවත්ව සිට මිය ගියේය.
හේරත් රාජකරුණා වාසල මුදියන්සේ රාළහාමිලාගේ නන්දාවති වරකාඋල මහත්මිය සමග විවාහ පත්ව පුතුන් අට දෙනකු සහ දියණියන් තිදෙනකු මෙලොවට බිහිකල විජේකෝන් මහතාගේ අටවැනි පුත් මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරික්ෂකවරයා ලෙස සේවය කරයි. ඔහු භාරත පද්මසිරි විජේකෝන් මහතාය. මුණුපුරු මිණිපිරියන් හතලිස් දෙනකුගෙ ආදර කරුණාවට පාත්රව සිටි විජේකෝන් මහතා ඊයේ18දා අලුයම මිය ගොස් ඇත. ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද 19 පස්වරුවේ දන්තුරේ වල්ගොව්වාගොඩ වරකාපිටිය වලව්වේ සුසාන භූමියේදි සිදුකෙරේ