ඉන්දියාවේ සිට ඊයේ (19) මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් විසිදෙනා විවිධ සැත්කම් සඳහා ඉන්දියාවට ගොස් සිටි අය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එම්. ආර්නල්ඩ් සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ පූර්ණ අනුමැතිය මත මෙම පුද්ගලයින් මෙරටට පැමිණ ඇති බව වෛද්‍ය ආර්නල්ඩ් සදහන් කළේය.
මෙම ගුවන්යානයේ ඉන්දීය මහාකොමසාරින් කාර්යාලයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල පිරිසක්ද පැමිණ ඇති අතර මොවුන් සියලු දෙනා දින 28ක නිරෝධායන කාලයකින් පසුව මුදාහැරීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.