බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ ප්‍රකට කිඹුලාවල වීදී ආහාර කඩවලට සිදුවන්නේ කුමක් ද?…

by editor
පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි කිඹුලාවල ප්‍රදේශයේ ජනප්‍රිය වීදි ආහාර වෙළෙඳසල්වල වෙළෙන්දන්ට   ලබන සිකුරාදා (24) වන විට ඉවත් වන ලෙසට නියෝග කර ඇත.

තමන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන්   ලිපි නිකුත් කළ බවත්, එම නියෝගය නිකුත් කර ඇත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන බවත් වෙළෙන්දෝ අනාවරණය කළහ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ පුද්ගලයින් විසින් මෙම වෙළෙඳසල් ඉදිකර ඇති බව සඳහන් කළ වෙළෙන්දන්  කියා සිටියේ මේ වනවිට කිඹුලාවල නගරයේ ක්‍රියාත්මක වීදි ආහාර අලෙවිසැල් 30කට ආසන්න ප්‍රමාණයක් පවතින බවය.

මේ අතර කිඹුලාවල නගරයේ වීදි ආහාර අලෙවිසැල් වෙනත් ස්ථානයකට ගෙන ඒම පිළිබඳ රැස්වීමක් අද පස්වරු 2.30ට නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවැත්වීමට නියමිතය.

කිඹුලාවල නගරයේ වීදි ආහාර අලෙවිසැල් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට අදාළ වාර්තා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා   අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මාර්ගයේ පදිකයින්ට සහ වාහනවලට සිදුවන අවදානම් හේතුවෙන් මේ තීරණය ගැනීමට  අවධානය යොමු කර ඇති බවයි.

“අපි ඉහත ප්‍රදේශයේ මාර්ගයේ පදිකයින්ට සහ වාහනවලට සිදුවන අනතුරු පිළිබඳව සලකා බැලුවා. මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන 3000ක් ද අපි හඳුනාගෙන තිබෙනවා. එම නිසා පදිකයන්ට මෙන්ම වාහනවලටද අනතුරු සිදු විය හැකි යැයි සැලකෙන ශ්‍රී ලංකාව පුරා ඇති ඕනෑම වෙළෙඳ කුටියක් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා”   අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

මෙහිදී  අදහස් දක්වමින් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පැවසුවේ ප්‍රදේශයේ අනෙකුත් වෙළඳසැල් හිමියන්ගෙන් නාගරික සංවර්ධන අධිකාරියට මේ පදික අහාර අලෙවිසල් පිළිබඳ පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි.

“මුලදී ව්‍යාපාරික කටයුතු  සඳහා අවසර ගත්තේ  සිකුරාදා සිට ඉරිදා දක්වා   සවස් කාලයේ පමණයි. නමුත් දැන් වීදි ආහාර කඩ සෑම දිනකම ක්‍රියාත්මක වෙනවා. මේ හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවට පාරේ අනෙක් පැත්තේ වෙළඳසැල් පැමිණිලි ගොනු කර තිබෙනවා. ඒ වගේම පිරිසිදුකම සම්බන්ධවත් ගැටලු ඇතිවෙලා තියනවා.  එම නිසා වීදි ආහාර අලෙවි ව්‍යාපාරය කරගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් හඳුන්වා දීමට නාගරික සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වෙනවා,” අමාත්‍යවරයා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උගතුන් කොපමණ හිටියත් ඔවුන්ට මනුෂ්‍යත්වයක් හා හදවතක් නැති බව පෙනෙන්නෙ රටේ රාජ්‍ය සේවයෙන් – මහනුවර දිස්ත්‍රික් ලේකම්!

Next Post

මැතිවරණයට දිනයක් ලැබේවි… නමුත් අගවිනිසුරු ඇතුළු සියලු විනිසුරුවරුන් එකට වාඩි වුනත් රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න බෑ…. ජනපති කියයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.