බුද්ධිමතුන් උගතුන් රටේ කොපමණ හිටියත් ඒ කිසිවකුටත් මනුෂ්‍යත්වයක් හෝ හදවතක් නැති බව සමාජය දුටු විට පෙනෙන්නට තිබෙන බවත් මේ තත්ත්වය ඉතා හොඳින් පිළිබිඹු වන්නේ රාජ්‍ය සේවය තුළින් බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් පැවසුවේය.
දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ “මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ මධ්‍යම පළාත් අන්තර් ආගමික සමුළුව අද 21 පෙරවරුවේ ගැටඹේ okray හෝටලයේ දී පැවැත්වෙන අවස්ථාවේ දී ය.
මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමි, රදගුරුවරුන්වන නිශාන්ත ප්‍රනාන්දු සහ කුමාර ඉලංගසිංහ, මවුලවි ෆසුල් රහුමාන් සහ ආචාර්ය බ්‍රහ්ම සිරි නන්ද කුමාර කුරුක්කල් තුමා ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ විය.
එහිදී වැඩිදුරටත් කතා කළ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ ද කීවේය.
“සේවාවක් ලබාගැනීමට මහජනතාව තමන් වෙතට ආ විට රාජ්‍ය සේවකයා තමන්ගෙ පීඩාව ජනතාව වෙත මුදා හරිනවා. සේවාවක් ලබාදීමට නොහැකි නම් ඒ බව සිනහමුසු මුහුණින් අවබෝධයෙන් ජනතාවට තේරුම් කර දීමට රාජ්‍ය සේවකයා දැනගත යුතුයි. නමුත් සිදුවන්නේ තම තමන්ගේ විඩාව විවිධාකාරයෙන් සාමාන්‍ය ජනතාව වෙත මුදා හැරීමයි. එවැනි තත්ත්වයක් මත ජනතාව රාජ්‍ය සේවය පිළිබඳ ඇති විශ්වාසය නැති කර ගන්නවා.”
“ඇදහිලි පිළිගැනී කොපමණ තිබුණත් ඒ සියල්ල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම ඒ පිළිවෙත් මනුස්සයෙක්ගේ හදවතේ නැතිනම් එය කිසිසේත්ම වැඩක් වන්නේ නෑ. ළමා දින වැඩිහිටි දින කාන්තා දින දිනකට සීමා කරමින් මුදල් වැය කරමින් මේ සැමරුම් උත්සව වැඩසටහන් කොතෙක් පැවැත් වුවත් මේ හරහා ජනතාවට දැනෙන සේවයක් සිද්ධ වෙන්නේ නැත්නම් ජනතාවගේ ගැටලුවලට පිළිතුරක් ලැබෙන්නේ නැතිනම් එයින් පලක් වන්නේ නැහැ.”