තම සමාගමේ කීර්ති නාමයට සහ පාඩුවට සිංගප්පූරුවේ බේරුම්කරණ මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්ය බව චීනයේ චින්ඩාවේ සීවින් බයොටෙක් සමාගම පවසයි.
එම සමාගම අද මේ ප්‍රකාශය කළේ මෙරට කැබිනට් මණ්ඩලයෙන් ඩොලර් මිලියන 6.7ක වන්දියක් ගෙවීම අනුමත කර තිබිය දීය.
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර ලබා දීමට අදාලව සියයට සීයක අවංකභාවයකින් තම සමාගම ලන්සු තැබීමට ඉදිරිපත් වූ බව චීන සමාගම පෙන්වා දී තිබේ.
එහෙත් ශ්‍රී ලංකාවේ ආයතන හිතාමතා සිදුකළ ක්‍රියා නිසා තම සමාගමේ කීර්ති නාමයට විශාල අලාභයක් සිදුවී ඇතැයි එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇනා සොන් කීවාය.