අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොදන්න කාබනික පදිරිවලට ගිහින් පසත් ගොවිතැනත් වැනසෙන හැටි දැනගන්න!

by editor
දෙසැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආචාර්ය වර්ශි දන්දෙනිය පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ  පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවෙහි සේවය කරන    කෘතහස්ථ වෘත්තිකයෙකි. පර්යේෂිකාවකි.  කාබනික පොහොර යෙදවුම් සම්බන්ධව අප ඇයගෙන් විමසුවේ මේ වනවිට ප්‍රමිතියක් නැති කාබනික පොහොර සම්බන්ධව රට පුරාම ඇසෙන අඳෝනා අසමිනි. මේ අප නැගූ ප්‍රශ්නවලට ඇය ලබා දුන් පිළිතුරුය.

Dr-Warshi-Dandeniya
ආචාර්ය වර්ශි දන්දෙණිය
  • කාබනික දූෂක එන්නේ නගරයේ කුණු ගොඩවල්වලින් හදන කොම්පෝස්ට්වලින්… මේ කාබනික දූෂකවලින් පසක් නිසරු වුනොත් නැවත ගොඩනගන්න හරිම අමාරුයි….

  • රටේ මේ වනතුරු කොම්පෝස්ට් පොහොර සඳහා ප්‍රමිතියක් නෑ… යොදන්නෙ මොනව ද කියලා දන්නෙ නෑ. හරිත ගොවිතැන කියන්නෙ කුණු ගොඩවල් ගොවිබිම්වලට දැමීම නොවෙයි….

  • වැව් පත්ල හූරලා ගෙනත් පැකට් කරලා විකුණනවා…. නිසැකවම සිදුවන්නෙ පස නිසරු වීමක්…

 

  • මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා නිශ්චිත ප්‍රමිතීන් තිබෙනවා ද

නැහැ තවමත් කාබනික පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් වන ඇතැම් පොහොර සඳහා නිශ්චිත ප්‍රමිතියක් නැහැ. කොම්පෝස්ට් පොහොර හෝ කාබනික පොහොර හෝ ලෙස ගොබිම්වලට අත්‍යවශ්‍ය තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් මේ සඳහා මේ වන විට හොඳ ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. එම ඉල්ලුම මත කුමක් හෝ දෙයක් සපයන්න බොහෝ පිරිස් හුරු වෙලා ඉන්නවා ඒ හැරුණාම කාබනික පොහොර සඳහා වන නිශ්චිත සැලසුමක් හෝ  නිශ්චිත ප්‍රමිතියක් පිළිබඳව කවුරුත් වගකීමෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ

  • ‌එවන් ප්‍රමිතියක් සකසන්න කටයුතු කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වගකීමක් නේද?

ඔව්… කාබනික පොහොර නිෂ්පාදන සඳහා ඉතා හොඳ තාක්ෂණයක් සහ නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි. මොකද ඒ හරහා පොළොවට එකතු වන කාබනික ද්‍රව්‍ය අති විශාල බව කියන්න පුළුවන්. මේ හරහා පොළොවට කාබනික දූෂක එකතු වුණොත් ඇතිවන තත්ත්වය ඉතාම බරපතළ සහ ඉතාම භයානකයි.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • කාබනික දූෂක යන්නෙන් අදහස් කරන්නේ මොනවාද

බැරලෝහ, මයික්‍රො ප්ලාස්ටීක්,    ෆීනෝල් පොලී ක්ලෝරිනේටඩ් වැනි කාබනික දූෂක රැසක් ප්‍රමිතියක් නැති කොම්පෝස්ට් හරහා පොළොවට එකතු වෙන්න පුළුවන්. එය පොළොවේ ජෛව විවිධත්වයට සෘජුව බලපෑම් එල්ල කරනවා. පොළවට අත්‍යවශ්‍ය පාංශු අතර ගැවසෙන ක්ෂුද්‍ර ජීවීන් විශාල ලෙස විනාශ කරන්න මේ කාබනික දූෂක වලට හැකියාව තිබෙනවා

  • කාබනික දූෂක කොම්පෝස්ට් ලෙස සැකසෙන්නේ කුමන අවස්ථාවකදී ද?

විශේෂයෙන්ම නාගරික කසළ ගොඩවල් වලින්. උදාහරණයක් විදිහට බ්ලුමැන්ඩල් කුණු කන්ද උපයෝගී කොටගෙන කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සිදු කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි රටපුරා මෙවැනි නාගරික කුණු ගොඩවල් වලින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන අවස්ථා දක්නට ලැබෙනවා. මේ කුණු ගොඩ තුළ තිබෙන ලාස්ටික් ඇතුළු සෙසු විෂ ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී කුමන තත්ත්වයන් යටතේ වුවත් පොළොවට නැවත එකතු කිරීම සුදුසු නැහැ.

නාගරික අපද්‍රව්‍යවල තමයි සැලකිය යුතු තරම් ම කාබනික දූෂක තියෙන්නෙ. ප්‍රමිතියක් නැති කොම්පෝස්ට් පොළොවට යෙදීම සුදුසු නැහැ කියන්නේ මේ තත්ත්වය යටතේ. මොකද මේවා පොළොවට එකතු වුණොත් ඇතිවන නරක ප්‍රතිඵලය ඉතාම දරුණුයි

  • ඒවා වෙන් කොට හඳුනා ගැනීමට ක්‍රමවේදයක් තිබෙනවා ද

කාබනික පොහොරවල හෝ කොම්පෝස්ට් පොහොරවල සංයුතිය කුමක්ද යන්න පරීක්ෂාකර බැලීම තමයි කළ හැකි හොඳම දෙය. නමුත් මේවන තුරුත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවක් රටපුරා පෙනෙන්නට නැහැ.

මේ වන විට බොහෝ දෙනා වැව් වල පතුලේ ඇති රොන්මඩ හාරලා ඊට තවත් බනික ද්‍රව්‍ය එකතු කරලා පැකට් කරමින් කාබනික පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීමට පවා හුරු වී තිබෙනවා. ඔවුන් හිතන්නේ කළු පැහැ ගැන් වූ පමණින් එය කාබනික පොහොර ලෙස ගොවියට ලබාදිය හැකි කියා.

මේ ඉතාම නුසුදුසු කාර්යයක්. මේ වැරදි ක්‍රියාව නිසා පසේ තියෙන සරු බව නැති වෙලා නිසරු පසක් ඉතිරි වන්නට තියෙන ඉඩ බොහොම වැඩියි. පසට කාබනික දූෂකයක් හසුවීමෙන් නිසරු වුවහොත් එය නැවත සකස් කර ගැනීම   හිතන්නත් අපහසු කාර්යයක්. ඒ තරමටම පොලොවෙ සරු බව නැති වී යනවා

  • එසේ නම් ඊට ගත යුතු විසඳුම කුමක්ද?

නිසි විසඳුම ලෙස යෝජනා කළ හැක්කේ කාබනික පොහොර හෝ කොම්පෝස්ට් පොහොර නිශ්පාදනයේදී ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම. පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කර බැලීම. පොහොරවල සංයුතිය කුමක්ද යන්න විමසා බැලීම. . කාබනික හා කොම්පෝස්ට් පොහොර වල තත්ව පරීක්ෂාවේ දි දැනට සිදු නොවන්නේත් මේ කියන කාරණා ටිකම තමයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණු අප්‍රිකාවේ වර්ණභේද විරෝධී වීරයා සමුගනී

Next Post

ලංකාවෙන් වන්දි ඉල්ලීම අනිවාර්යයි… චීන පොහොර සමාගම අද නිවේදනය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.