ශ්‍රි ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් 7ක වැසියන්ට මාලදිවයනට ඇතුළුවීමේ තහනම් කර තිබේ.
ශ්‍රී ලංකාව, භූතානය, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්ථානයය, පකිස්තානය යන රටවල්වල සංචාරකයන්ට මෙම තහනම පනවා තිබේ.
අද (13) දින සිට මෙම තහනම ක්‍රියාත්මක බවත්, නැවත දැනුම් දෙන තුරු එම තහනම ක්‍රියාත්මක බවත් එරට ආගමන විගමන අංශය නිවේදනය කරයි.
පසුගිය වසරේ කොවිඩ් වසංගතය හමුවේත් පළමුවෙන්ම විදේශිකයන් සඳහා විවෘත කළ රට මාලදිවයිනය.