ශ්රි ලංකන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ ලබන 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද අධිකරණය නියෝග කළේය.
සැකකරු අද (27) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය ලබා දී තිබිණි.
01.) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම.
(02.) 2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.
(03) 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම යන චෝදනා මත නිශාන්ත වික්රමසිංහ අල්ලස් කොමිසම විසින් අද උදේ වරුවේ අත් අඩංගුවට ගනු ලැබුවේය.
නිශාන්ත වික්රමසිංහ යනු ශිරන්ති රාජපක්ෂයේ වැඩිමහල් සොයුරාය.







