අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල හැඩ කරන්න දොස්තරකමත් එක්ක පෙදරේරු, වැද්දුම්, වඩු වැඩ කරන හරි අපූරු ඩී.එම්.ඕ. මහත්තයා.

ඔව්... අපේ රටේ තමයි... මේ කතා කරන්නේ කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ ඩී.එම්.ඕ මහත්තයා ගැන...

by editor
ඔක්තෝබර් 8, 2021
in පුවත්
Dr-T-Praneeth

වෑද්දුම් වැඩ කරමින්

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රෝහල් හෙද හෙදියන් හා කණිෂ්ඨ  කාර්යමණ්ඩල සේවකයින් අද (08) දින ඉල්ලිම්  කිහිපයක් මුල්කරගෙන වෘත්තිය ක්‍රියාමාර්ගයකය.  ඒ අතර කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ටි ප්‍රනිත් වෛද්‍යතුමා ඇතුළු කාර්යමණ්ඩලය  රෝහලේ යටිතලපහසුකම් සංවර්ධනය කිරිමේ කටයුතුවල නියැලෙමිනි.

මේ කතාව ඒ හරි අපූරු දොස්තර මහත්තයා ගැනය.

කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ටි ප්‍රනිත්

රෝහලේ රෝගි සත්කාරක සේවා කටයුතු සාමාන්‍ය පරිදි  සිදුවෙමින් ඇත.    ප්‍රනිත් වෛද්‍යතුමා  ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකු රෝහල් ඉදිරිපිට වැසි ආවරණයක් ඉදිකිරිමේ කටයුතුවලය.    කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ තවත් සේවකයින් පිරිසක්   රෝහලේ කැඩිගිය තාප්පයක් ප්‍රතිසංස්කරණය කරමිනි.    කරන්දෙණිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිතුමා තම කාර්යමණ්ඩල සේවකයින් සමග එක්වි   බාදාම අනිමින්, එම කටයුතු සදහා සිය දායකත්වය ලබා දෙමින් සිටියේය.

මිනිස්සු කියන්නෙ කරන්දෙණිය ඩී.එම්.ඕ මහත්තා  හරි අපූරු බවය.     ඔහු වෛද්‍ය වරයෙක් ලෙස මිනිස්සුන්ට අසීමිත සේවයක් කරන්නේය.  ඊට අරමතරව තමන්ගේ විවිධ ක්ෂේත්‍රයේ පතල හැකියාව පෙදරේරුවෙක් ලෙස, වඩු කාර්මිකයෙක් ලෙස, වැද්දුම්කරුවෙක් ලෙස නැවත රෝහලටම ලබා දෙන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Dr-T-Praneeth
රොහල් කාර්ය මණ්ඩලය සමග වැඩ කරමින්…

විවේකී අවස්ථාවක ඔහු රෝහලේ  යටිතල පහසුකම් සංවර්ධන කිරීම සදහා  බදාම අනන්නේය. බිත්ති බඳින්නේය.  රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වශයෙන්  ඇතැම් අවස්ථාවල දී කණිෂ්ඨ කාර්යමණ්ඩලය හා එක් වී කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේය.  සමහර විට වෘත්තීය මහන්තත්යෙන් ඉදිමුණු අයෙකුට කරන්දෙණියේ දොස්තර මහත්තයා විකෘතියක් සේ පෙනෙන්ට ඉඩ ඇත්තේය.  ඔහුගේ වෘත්තීය නිපුනත්වය සඳහා කාලය යොදවන්නේ නැතිව සුලු සේවකයන් හා බදාම අනන, වඩු වැඩ කරන ඔහු ගැන බොහෝ විට සමාජයෙත් විවේචන තියෙන්නට පුලුවන. 

එහෙත් කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ටි ප්‍රනිත් වෛද්‍යතුමා අපට කියන්නේ මෙවැනි කතාවකි.  

“ මං රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා තමයි. මගේ අරමුණ  අපිට තියෙන සම්පත්වලින් රෝගින්ට උපරිම සත්කාරක සේවාවක් ලබාදිම.  රෝහල ඉදිරිපිට මෙම වැසි ආවරණය   ඉදිකරන්න අවශ්‍ය භාණ්ඩ මිලදි ගන්න ලක්ෂ දෙකහමාරක මුදලක් දානපතියකුගෙන් ලැබුණා. මා ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයින්    අපේ ශ්‍රමය මුදල් බවට පත්කරගෙන ඒ කටයුතු කරගෙන යනවා. “

“ රෝහලේ  ආරක්ෂිත වැටක් ඉදිකළා.  ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබා දුන්නේ රෝහල් සේවකයින්. ආයතන ප්‍රධානියා වශයෙන් මගේ වගකිම තමයි මේ මිනිස්සු දිරිමත් කරන ගමන් රෝහලේ තියෙන භෞතික සම්පත්  හා මානව සම්පත් කළමණාකරණය කිරිම. රෝහලේ සත්කාරක සේවා බාධාවකින් තොරව කරගෙන යාමට  අවශ්‍ය පරිසරය නිර්මානය කිරීම තමයි මගේ වගකිම.  රෝහලේ ජලනල පද්ධතියේ, විදුලිබල පද්ධතියේ යම් කිසි ගැටලුවක් වුවහොත් ඒ කටයුතු කිරිමට කුසලතාවය තියෙන කාර්යමණ්ඩලයේ සේවකයින් අප සතුව ඉන්නවා.“

ඔහු සිනාසෙමින් මෙසේ කියන්නේය. 

“මටත් ඒ සියලු වැඩකරන්න පුළුවන්.“

වැසි ආවරණය ඉදිකරමින්

“අපේ රෝහලේ කොවිඩි වෛද්‍ය ප්‍තිකාර මධ්‍යස්ථානයක් තියෙනවා. අපට පරණ වැසිකිළි පද්ධතියක් තමයි තිබුණේ. දානපතියන්ගේ උදව් උපකාර ඇතිව  වැසිකිළි 12ක් අපි අලුත්වැඩියා කළා. කොවිඩ් වාට්ටුවල සියලු නඩත්තු කටයුතු සිදුකරන්නේ අපි. “

අවසාන වශයෙන් මම එතුමාව විමසුවෙමි.

“ ඔබ මේ වැඩ මෙහෙයවන්නෙ නැතිව අධීක්ෂණය කරන්නෙ නැතිව මේ අය එක්ක එකතු වෙලා ශ්‍රමිකයෙකුගෙ භූමිකාව කරන්නෙ ඇයි?. ඔබ රෝහලේ ප්‍රධාන පරිපාලකයා…“

ඔහු යළිත් සිනාසුනේය.

මේකත් එක් ප්‍රායෝගික පරිපාලන ක්‍රමවේදයක්… ඒ එක්කම මේ හැමදෙයින්ම මට මහා විශාල දෙයක් ලැබෙනවා. ඒ තමයි ආත්ම තෘප්තිය.

කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ටි ප්‍රනිත් වෛද්‍ය තුමා කියනු අසාගෙන සිටියෙමි.   

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උසස්වීම් ලද ඒ.එස්.පී මහත්වරුන් 225දෙනා මෙන්න

Next Post

රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව කොවිඩ්වලට පෙර ගණන්වලටම බසී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.