සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල් උපකරණවලින් ඩොලර් කෝටි 10ක් පිල්ලි ගිහින්… සුපිරි යහපාලන ගැහිල්ලක් විගණනයෙන් හෙළි වෙයි…..

මිනී ශීත කර තබන මෝචරි කූලර් වලිනුත් ගසා කාලා...

by editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

තෝරාගත් රෝහල් සඳහා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරිමේ ව්‍යායාපෘතිය යටතේ High Pressure Sterilizer 29ක් මිලදි ගැනිමේ දී රජයට රුපියල් දස කෝටි අනූ එක් ලක්ෂ අනූදාහක (මිලියන 109.19) පාඩුවක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දි High Pressure Sterilizer එකක් ඩොලර් 88,445.56 බැගින් 29 මිලදිගෙන තිබුණි. එහෙත් 2020 වර්ෂයේ දි ජිව වෛද්‍ය ඉංජිනේරුසේවා අංශය මගින් සිදුකොට තිබු ප්‍රසම්පාදනයේ දි මෙම වර්ගයේ High Pressure Sterilizer එකක් සදහා ඩොලර් 67,685.79 ලංසුවක් ඉදිරිපත් වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේ දි එකක් ඩොලර් 955.79 බැගින් ECG Recorder 154ක් මිලදි ගෙන තිබුණි. කෙසේවුවද 2020 වර්ෂයේ දි ජිව වෛද්‍ය ඉංජිනේරුසේවා අංශය මගින් සිදුකොට තිබු ප්‍රසම්පාදනයේ දි මෙම වර්ගයේ ECG Recorder එකක් සදහා ඩොලර් 620.64ක ලංසුවක් ඉදිරිපත් වි තිබුණි.

ඉහල මිල ගණන් යටතේ ECG Recorder 154ක් මිලදි ගැනිම හේතුවෙන් රජයට සිදුවි ඇති පාඩුව රුපියල් අනූ තුන් ලක්ෂ හැට දහසක් (මිලියන 9.36ක) බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ කොන්ත්‍රාත් ගිවිසුමට ප්‍රකාරව මිලදි ගැනිමට එකඟවි තිබු වෛද්‍ය උපකරණ වර්ග හා ප්‍රමාණයන්ට අමතරව වෛද්‍ය උපකරණ අයිතම 06ක එකක 36ක් ඩොලර් දාහත් ලක්ෂ දහතුන් දහස් දා හතක (17,13,017) අතිරේක වියදමක් කොට මිලදිගෙන තිබුණි. එහෙත් ඒ සදහා අධිකාරිබලය හා අවශ්‍යතාවය තහවුරු නොකෙරුණි බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම කොන්ත්‍රාත් ගිවිසුම ප්‍රකාරව ප්‍රසම්පාදනය කළයුතු වෛද්‍ය උපකරණවල පැවතිය යුතු තාක්ෂණික පිරිවිතරවලට නොගැලපෙන තාක්ෂණික පරිවිතරයන් සහිත පිරිවැය ඩොලර් එක් කෝටි තුන් ලක්ෂ හතලිස් එක් දහස් තුන්සිය අනූවයි ශත පනස් හතක් ( 1,03,41,390.57) වූ වෛද්‍ය උපකරණ අයිතම් 11ක එකක 732ක් මිලදි ගෙන තිබුණි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත්කරණ උපකරණය ලියාපදිංචි සහතිකය හා ආනයන බලපත්‍ර ලබා නොගත් කොන්ත්‍රාත්කරුවකු විසින් පිරිවැය ඩොලර් 4,48,957.25 ක් වු Mortuary Cooler 25 ක් ආනයනය කොට තිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

තවද ආනයන බලපත්‍ර කල් ඉකුත්වු කොන්ත්‍රාත්කරුවකු විසින් පිරිවැය ඩොලර් 4,14,173.84 ක් වූ Pulse Oximeter 436ක් මිලදිගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම කුරුණැගල ශික්ෂණ රෝහලේ හෘද රෝග අංශය වෙත ලබාදි තිබු පිරිවැය ඩොලර් 75,027.91 ක් වූ Echo Cardiography යන්ත්‍රයේ ප්‍රමිතිය පිළිබදව සෑහිමකට පත්විය නොහැකි බැව් රෝහල් කළමණාකරණය මගින් තහවුරුකොට තිබුණි

මෙම ව්‍යාපෘතිය යටතේ මිලදිගෙන රෝහල්වෙත නිකුත්කොට තිබු ඩොලර් දොලොස් ලක්ෂ එකලොස් දහස් නවසිය හතලිස් අටයි ශත දාහතරක් (12,11,948.14ක) වු උපකරණ 2021 මැයි මස 31 දිනවනවිටත් භාවිතයට නොගෙන නිෂ්කාර්යව පැවති බව නියදි විගණන පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

චිනයේ CETC International Com Ltd වෙතින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්කොට තිබු ව්‍යාපෘති යෝජනාවක් පිළිගෙන ඒ සදහා The Hongkong and Shanghai Banking Corporation Limited බැංකුවෙන් ඩොලර් මිලියන 72.25ක් සහ මහජන බැංකුවෙන් ඩොලර් මිලියන 12.75ක් වශයෙන් ඩොලර් මිලියන 85ක ණය මුදලක් ලබාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකකොට තිබුණි.

කෙසේවුවද මෙකි ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්දයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2014 ජනවාරි 10 දින ඉදිරිපත්කොට තිබු අමාත්‍යමණ්ඩල සංදේශය සලකා බලා මුදල් අමාත්‍යවරයා විසින් මෙම ව්‍යාපෘති යෝජනාව ඉවත දැමියයුතු බව නිර්දේශ කරතිබුණි.

මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත 2014 වර්ෂයේ මාර්තු මස 21 වන දින දන්වා තිබුණි. එහෙත් ඒ පිළිබද නොසලකා 2015 වර්ෂයේ නොවැම්බර් මස 20 වනදින මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නැවත වතාවක් අමාත්‍යමණ්ඩලය වෙත සංදේශයක් යොමුකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම මෙම ව්‍යාපෘති කාර්ය සම්බන්දයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් තරගකාරි මිල ගණන් කැඳවිමට එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් කටයුතු නොකර නැවත වතාවක් 2016 අප්‍රේල් මස 19 වැනිදින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත්කොට චින රජයේ CETC International Co Ltd වෙත මෙම ව්‍යාපෘතියට අදාලව කොන්ත්‍රාත්තුව පිරිනැමිමට අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.

2017 මැයිමස 06 වනදින අමාත්‍යංශය විසින් CETC International Co Ltd ආයතනය සමග කොන්ත්‍රාත් ගිවිසුමට එළඹ තිබුණි.කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් විමට ප්‍රථම ව්‍යාපෘතියේ මුල්‍ය පහසුකම් පිළිබද නිශ්චිත තිරණයට එළඹ නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම කොන්ත්‍රාත් ගිවිසුම යටතේ සපයාගනු ලබන එක් එක් උපකරණ පිළිබඳව වෙළදපොළ සමික්ෂණයක් සිදුකර පුර්ව අනුකුල තාක්ෂණික පිරිවිතර හා වාර්තමාන වෙළදපොළ මිල පිළිබද නිසි තක්සේරුවක් සඳහා කොන්ත්‍රාත්කරු එකඟවිය යුතු වුවද එවැනි එකඟතාවයකට එළඹ නොතිබු බැවින් මෙම පාඩුව වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යන එන මං ගැන නිනව්වක් නෑ…. කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේහි කොටුවෙයි!

Next Post

පාන් රුපියල් 10කින් ඉහළට… එළවළු රොටී, බිත්තර රොටී, පරාටා රුපියල් 05කින් ඉහළට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.