සංවිධානාත්මක අපරාධකරුවෙක් සේ සැලකෙන නැසී ගිය රත්මලානේ රොහාගේ මස්සිනා කපා කොටා ඝාතනය කර තිබේ.
මොරටුව කල්දමුල්ලේ පදිංචිව සිටි 33 හැවිරිදි අසංක ද සිල්වා නැමැති මෙම පුදගලයා රත්මලාන රස්ටම්වත්ත ප්‍රදේශයේ දී මෙසේ ඝාතනය කර ඇත්තේ ඊයේ (20) රාත්‍රියේදීය.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ රත්මලාන අංජු නැමැත්තාගේ ඥාතියෙක් බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකි.
ජංගම දුරකථකතනයක් උකස් තැබීමේ සිද්ධියක් දුරදිග යෑම නිසා මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය කියයි.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.