ත්‍රිකුණාමල වරායට පැමිණි රුසියානු යුද නෞකා තුන අද (3) දිවයිනෙන් පිටත්ව යයි.
ප්‍රහාරක මිසයිල යාත්‍රා වර්ගයේ “වේරියග්” යුද නෞකාව (Guided missile cruiser “Variag”), ප්‍රති සබ්මැරීන යුද නෞකාවක් වන “අද්මිරාල් පැන්ටිලීව්” (Large anti-submarine ship Admiral “panteleeve”) සහ මධ්‍යම ප්‍රමාණයේ සැපයුම් නෞකාවක් වන “පෙචේන්ගා” ( Medium sea tanker “Pechenga”) යන යුද නෞකා ත්‍රිත්වය නොවැම්බර් 30 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
මෙම යුද නෞකාවන් ත්‍රිකුණාමලය වරායට සේන්දු වූයේ සැපයුම් අවශ්‍යතා සඳහා සහ කාර්යමණ්ඩල විවේකය සඳහායි.
කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව ඔවුන්ට අදාළ කටයුතු සිදු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
මෙම නෞකා තුන අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ සමග මෙහෙයුම් අභ්‍යාසයක නිරත වෙමිනි.