කීර්ති ප්‍රනාන්දු –
බිත්තර වලට විශාල ඉල්ලුමක් පවතින බැවින් වෙළඳුන් හිතුමතේ වැඩිමිලට බිත්තර අලෙවි කරණ බවත්, රුපියල් 50කට වඩා වැඩි මිලකට බිත්තර මිලදී ගැනීමට කටයුතු නොකරන ලෙසත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.
එහෙත් රුපියල් 50කට වඩා අඩුවෙන් මිලදී ගැනීමට බිත්තර නොමැති බවත් රුපියල් 44ක් සහ 46ක් වශයෙන් පාලන මිල ක්‍රියාත්මක වුවද සෑම වෙළෙන්දෙක්ම බිත්තර අලෙවි කරන්නේ බිත්තරයක් රුපියල් 52 සිට 60 දක්වා මිලකට බවත් වෙළෙඳපල ආරංචි මාර්ග පවසයි.
බිත්තර කිලෝ වශයෙන් අලෙවි කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය මගින් දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920ක් හා සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක් ලෙස පාලන මිලක් නියම කර තිබුණ ද ඒ යටතේ ද බිත්තරයක මිල වන්නේ රුපියල් 55 ක් හා 57 ක් වශයෙන් බව ද එම ආරංචි මාර්ග පවසයි. .
කෙසේ වෙතත් පාලන මිලට වැඩියෙන් වෙළඳුන් තවමත් බිත්තර අලෙවි කරන බව තහවුරු වී ඇතැයි ද එසේ වැඩි මිලට බිත්තර විකුණන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.







