ඉකුත් 23 වැනි දා ජනාධිපතිවරයා සිය අත්සනින් යුතුව ප්‍රකාශ කරන ලද අධි ආරක්ෂිත කලාප පිළිබඳව ගැසට් නිවේදනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් වූල් (Clement Voule) සිය බලවත් කනස්සල්ල ප්‍රකාශ කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
එම අති විශේෂ ගැසට් පත්‍රය හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, කොළඹ – මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය – අකුරේගොඩ, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය, ආරක්ෂක අංශ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස යන කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ස්ථාන කිහිපයක් සහ ඒ අවට පරිශ්‍රයන් අධි ආරක්ෂක කලාප ලෙස නම් කෙරිනි.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරුවා කියා සිටියේ, ලංකා රජය විසින් ගන්නා ලද මෙම පියවර මහජන රැස්වීම් තහනම් කිරීමක් ලෙස සලකන බවය. විරෝධතා දැක්වීමේ ජනතා අයිතියට ශ්‍රී ලංකා බලධාරීන් ගරු කළ යුතු බවය.
#SriLankaProtests I’m very concerned with the declaration of 𝘩𝘪𝘨𝘩 𝘴𝘦𝘤𝘶𝘳𝘪𝘵𝘺 𝘻𝘰𝘯𝘦𝘴 as areas prohibiting public gatherings. #SriLanka authorities must respect people’s rights to protest& ensure any restrictions, incl. these, are justified, necessary & proportionate. pic.twitter.com/RwHEqFc04G
— UN Special Rapporteur Freedom of Association (@cvoule) September 29, 2022