සූරියවැව නුවන් ජයසේකර –
-
සිය නැගණියගේ 11 හැවිරිදි දියණිය කෙළෙසු සහෝදරයාට වසර 15 බරවැඩ සහිත සිර දඬුවමක්…. දැරියට ලක්ෂ 10ක් ගෙවන්නත් නියෝග.
වසර 09කට පෙර අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයේදී සිය නැගණියගේ 11 හැවිරිදි බාලවයස්කාර දියණියව කෙළෙසූ පුද්ගලයෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 50,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් හම්බන්තොට පූර්වගාමී මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඊීීයේ (29) සවස නියෝග කළේය.
මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ ආන්දොල, හොරගොඩ, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි එක් දරු පියෙකුටය.
චුදිත පුද්ගලයා 2011.01.01 දින සිය නැගණිය හා නැගණියගේ සැමියා රැකියාවට ගොස් සිටි අවස්ථාවේදී එම නිවසට ගොස් ඇති අතර එහිදී පාසැල් අවසන් වි නිවසට පැමිණ සිටි සිය නැගණියගේ බාලයවස්කාර දියණියව දූෂණයට ලක් කර තිබේ.
අදාල සිද්ධියෙන් පසුව තමාට පාසැල් යාමට නොහැකි වෙතැයි බියෙන් ද, මෙම සිද්ධිය පිළිබඳව මව දැනගත්විට තමන්ට මව පහරදේවි යන බිය නිසා ද දැරිය සිද්ධිය පිළිබඳව කිසිවෙකුටත් නොකියා සිට ඇත.
නමුත් පසුව දැරිය විසින් මේ පිළිබදව දෙමාපියන්ට දන්වා තිබේ. ඒ් අනුව දෙමාපියන් විසින් අම්බලන්තොට පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ෂණවලදි අනාවරණය වු කරුණු අනුව චුදිත අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කීරිමන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහි හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදී.
ඒ අනුව පැවති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව පැවති අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හෙතුවෙන් මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චුදිතට දඩුවම් නියම කෙරුණි.
අදාල චෝදනාවට වැරදි කරු වු චුදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර රුපියල් 50,000ක දඩයක්ද නියම කෙරුණි.
දඩ මුදල නොගෙවයි නම් අමතර වසර 01ක සිර දඬුවමක්ද නියම කෙරුණු අතර අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියම කෙරුණි.
චුදිත එය නොගෙවයි නම් ඉහත දඩුවම් කාලයට අමතරව තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
නීතිපතිවරයා වෙනුවෙන් අම්බලන්තොට පොලිසියේ උප පොලිස් පරීක්ෂක විජේසිරි සමගින් රජයේ අධිනීතීඥ නිමංක ජයවික්‍රම පැමිණිල්ල මෙහෙයවන ලදි.