අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රිය අනතුරේ සාක්ෂි විභාගය අත්හිටුවන්න…“ චම්පිකගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි…

by editor
ජනවාරි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ හෙට දිනයේ පැවැත්වෙන සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම   අභියාචනාධිකරණය විසින් අද (10)    ප්‍රතික්ෂේප කළේය.

වර්ෂ 2016 දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන්කිරීම හා සාක්ෂි ගෙතු බවට චෝදනා කරමින් මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. එම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක   විසින්  ඉහත ප්‍රතිශොධන පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම මේනකා විජේසුන්දර සහ එස්. කුමාරන් රත්නම්   ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී චම්පික රණවකට එරෙහිව හෙට (11) දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරන ලද ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පෙත්සම්කාර චම්පික රණවක   කියා සිටින්නේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ බව කියන රිය අනතුරකට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවය.

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව ඔහු සඳහන් කරයි.

අනතුරුව නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව ද ඔහු අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි බවත්   මහාධිකරණ නඩු විභාගය අත්හිටූවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පාඨලී චම්පික රණවක අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එමෙන්ම තමන්ව අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහබාගේ හොරකමේ ගෙල කපාගත් සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෘද රෝගියෙක්!

Next Post

අදින් පසු හිඟයක් නෑ…  ගෑස් පෝලිම් ඉවර වේවි! – ලිට්‍රෝ නිවේදනය කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.