කොළඹ වරායේ ගැටලුව සහ උතුරේ චීන ආයෝජන වැඩි කිරීමේ තත්ත්වය මත ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට සිදුව ඇති අයහපත් බලපෑම උපයෝගි කර ගනිමින් සහ ලබන මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ශ්‍රි ලංකාවට එරෙහි ව ඉදිරිපත් කිරිමට යන යෝජනාව ට සහය පළ කරමින් සහ මෙරට යළි ඊලාම් රාජ්‍යයක් බිහි කරලීම සම්බන්ධයෙන් ගෝලීය දමිල ඩයස්පෝරාව විශාල ක්‍රමෝපායික ප්‍රචාරණ යාන්ත්‍රණයක් දියත් කර ඇති බව සඳහන් වේ.
ඔවුන් මේ සඳහා විවිධ තලවලින් මෙම ව්‍යාපෘතිය දියත් කොට ඇති අතර එහිදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ක්රෙමා්පාය ය දියත් කර ඇත්තේ ඉන්දියාවේ වර්තමාන පාලනය ගෙන යන භාරතීය ජනතා පක්ෂයේ න්‍යායික මට්ටමේ ජ්‍යෙෂ්ඨයන් කිහිපයක් හරහා බව සඳහන්ය.
එමෙන්ම භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ දකුණු ඉන්දීය දේශපාලකයන් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ වියතුන් හරහා මෙම බලපෑම නරේන්ද්‍ර මෝදි රජය වෙත එල්ල කරන ඔවුන් ඊළඟ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉන්දීය රජයට බලපෑම් කර ඇති බව සඳහන් වේ.
මේ වනවිට ශ්‍රි ලංකාව මෙම යෝජනාවලියේදී ඉන්දියාව් සහය අපෙක්ෂා කර ඇති නමුත් මේ වන තෙක් එම සහය ලබා දීම පිළිබඳව සෘජු පිළිතුරක් දී නැත්තේද මෙම තත්ත්වය හේතුවෙන් බව සඳහන් වේ.
මෙයට අමතරව මේ වනවිට ශ්‍රි ලංකාවේ උතුරේ සහ නැගෙනහිර වෙසෙන තරුණ තරුණියන් ඊලාම් සටන වෙනුවෙන් ආකර්ෂනය කර ගැනීම සඳහා උතුරේ අර්බුදය මුවාවෙන් දේශපාලන රැකවරණ මැද කැනඩාව, ප්‍රංශය වැනි රටවලට ගිය, ඊලාම් සංකල්පයට සහය දෙන ඩයස්පෝරා සාමාජිකයන්ගේ දරුවන් සහභාගී කරවාගෙන ඊලාම් රාජ්‍ය සිහිනය පිළිබඳව ආකර්ෂණීය වීඩියෝ නිර්මාණය කර ජංගම දුරකථන හරහා මෙරට උතුරේ සහ නැගෙනහිර දරුවන් අතර ප්‍රචලිත කිරීමේ කටයුත්තක්ද සිදුවන බවත් මෙරට තරුණ තරුණියන් සහ දමිළ වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන්ද මේ වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමේ විශාල ව්‍යාපෘතියක් මේ වනවිට දියත් වන බවත් වාර්තා වේ.