වසර 30කට පසුව ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති දැඩි ශිත තත්ත්වය මත එම ප්‍රාන්තයට දැඩි විපත් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් සූදානම් වෙයි.ප්‍රාන්තයේ විපතට පත් වූ ජනතාවට ඉක්මනින් සහන සැපයීම සඳහා ෆෙඩරල් අරමුදල් වෙන් කර ගැනීම් ඉඩකඩ සැලසීම සඳහා මෙසේ හදිසි විපත් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යන බවට වාර්තා වෙයි.
සෙල්සියස් අංශක -18ක් තරම් දැඩි ශිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ වැසියන් සියල්ලම පාහේ ශිතලෙන් මිදිමට වායුසමන යන්ත්‍ර ක්‍රියාකරවීම හේතුවෙන් විදුලිය බලය සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය වී ඇති අතර මෙම අධික ඉල්ලුම හේතුවෙන් එම ප්‍රාන්තයේ විදුලිය බිඳවැටී ඇත. මෙලෙස විදුලිය බිඳ වැටීමත් සමඟ ජනතාව කබලෙන් පිට වැටුණු තත්ත්වයක පත් වන්නේ හේතු කිහිපයක් නිසාය.
අධික ශීතල හේතුවෙන් ප්‍රමාණවත් උණුසුමක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇතැම් වැඩිහිටි පුද්ගලයන් මිය ගොස් ඇති අතර ජංගම නිවහනක දිවි ගෙවූ විදේශික සංක්‍රමණික පවුලක 11 හැවිරිදි දරුවකුද ජීවිතක්ෂයට පත්ව ඇත.
එයට අමතරව කාබන් මොනොක්සයිඩ් විස වීමෙන් ද මරණ ගණනාවක් සිදුව ඇති අතර එයට හේතු වී ඇත්තේ නිවසේ උණුසුම රඳවා ගැනිමට තම වාහන පණ ගැන්වීම සහ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා කරවීම හේතුවෙනි.විදුලිය නොමැති පසුබිමක් තුළ ඉටිපන්දම්වලින් ආලෝකය ලබා ගන්නට ගිය පුද්ගලයන් සිවු දෙනකු නිවාස ගිනි ගැනීමෙන් මියගොස් තිබේ. මේ අනුව මෙම සතිය තුළ ඇමෙරිකාවේ මරණ හැටක් පමණ ශීත කාලගුණය හේතුවෙන් සිදුව ඇති බව බී.බීසී වාර්තාකරු සඳහන් කරයි. ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම අවහිර වී ඇත්තේ ජල නළ තුළ ජලය අයිස් බවට පත්වීම හේතුනේ බව සඳහන් වන අතර මේ නිසා ටෙක්සාස් වැසියෝ උග්‍ර ජල හිගයකටද මුහුණ පා සිටිති.







