අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිදියගම සෆාරි උද්‍යානය මස් මඩුවක් කරන ප්‍රධාන මස්වැද්දා සහකාර සත්ත්ව පාලකයෙක්… සේවකයෙක් සියල්ල හෙළි කරයි!

by editor
අප්‍රේල් 15, 2023
in පුවත්
ridiyagama

බ්ලැක් බර්ක් නම් දුර්ලභ මුව විශේෂයේ මුවෙක් රිදියගම සෆාරි උද්‍යානය තුළ වෙඩි තබා ඝාතනය කර ඇති අයුරු...

Share on FacebookShare on Twitter

රිදියගම සෆාරි උද්‍යානය තුළ සිද්ධවන ම්ලේච්ඡ සත්ත්ව ඝාතනය පසුපස සිටින ප්‍රධාන මස්වැද්දා එහි සහකාර සත්ත්ව පාලකවරයා බවත් සතුන් මදු ගසා මැරීම සඳහා මදු අටවනු ලබන්නේ එම පුද්ගලයා බවත් සෆාරි උද්‍යානයේ සේවකයෙක් හිරු ප්‍රවෘත්ති සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙළි දරවු කරයි.

ගෝලීය වශයෙන් වඳ වී යන තර්ජනයට ලක්වූ බවට හඳුනාගෙන ඇති බ්ලැක් බර්ක් නැමැති දුර්ලභ මුව විශේෂයේ වැඩුණු සතෙක් වෙඩි තබා ඝාතනය කර ඇති ආකාරය මාධ්‍යයට මුදා හැර ඇති තතු දත් පාර්ශව පෙන්වා දෙන්නේ මේ ඝානයන් සිදුවන්නේ සෆාරි උද්‍යානයේ නිලධාරීන් අතින්ම බවය.

මැරෙන්නට පණ අදින සතුන්ගේ ගාත් පණ පිටින් කපාගෙන යන තරම් නින්දිත තිරිසනුන් උද්‍යානය තුළ සේවය කරන බව එම ආරංචි මාර්ග කියයි.

ඝාතනය වන සතුන් උද්‍යානයේ සේවය කරන රියදුරන් උද්‍යාන ගේට්ටුවෙන් ප්‍රවාහන කරන බවත් මේ අශිෂ්ට ජාතික අපරාධයට එරෙහි වීමට හෝ  එහෙරහිවන නිලධාරීන්ව රැක ගැනීමට තරම්  කොන්දක් සහිත ඉහළ නිලධාරියෙක් නොමැති වීම ඛේදවාචයක් බවත් සෆාරි උද්‍යානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඔවුන් පවසන්නේ මේ අශිෂ්ට දුර්දාන්ත සිදුවන්නේ සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන්නට සිටින රටක ප්‍රධාන සංචාරක ආකර්ශන ස්ථානයක් මුල් කරගෙන වීම අන්තර්ජාතික මට්ටමේ විහිලුවක් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සත්ත්ව ඝාතන ඇතුළු උද්‍යානය තුළ පැවති  අපරාධයන්ට එරෙහි වූ මින් පෙර සේවය කළ වෛද්‍යවරයෙකුගේ ගෙලට පිිහය තබා මරණ තර්ජනය කළ පසු ඔහු ඉවත් වී ගිය බවත් දිගින් දිගටම මේ ඝානයන්ට එරෙහිව හඬ නැගූ රිදියගම සෆාරි උද්‍යානයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි ප්‍රියසාද් එදිරිවර්ණ වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යැවූ බවත් සෆාරි උද්‍යානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.

හිරු ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශයක් නිකුත් කරන උද්‍යානයේ සේවකයෙක් නම් ගම් සහිතව මේ අපරාධය හෙළි කරන්නේ මෙසේය.

“රිදියගම සෆාරි උද්‍යානයට  අක්කර පන්සියයක් තියනවා. ඒ  පන්සියයම සම්පූර්ණයෙන්ම අඩි 10ක් උස කොන්ක්‍රීට් බැම්මකින් කවර් වෙලා තියෙන්නේ.  ඒ කෑල්ලට මිනිස්සු හැමෝටම එන්න බෑ. එන්න පුළුවන්  ප්‍රධාන ගේට්ටු දෙකෙන් විතරයි. “

“ඔයා බලන්න සත්තුන්ට දාලා තියන වැටවල්. ඒවා අඩි 04ක් උස්සලා තියෙන්නේ. මිනිස්සුන්ට පෙනුනට මේක වැටක් කියලා සත්තුන්ට එහාපැත්තට පනින්න පුලුවන් විදිහට තමයි මේ අය වැට මේන්ටේන් කරන්නේ.”

එතකොට ඔය එහා පැත්තේ ගස්වල තමයි මදු අටවන්නේ.

“ඒ මදු අටවන්නේ සහකාර සත්ත්ව පාලක තුෂාර දමිත්. “

“සත්තු මේ පැත්තෙන් කළබල කළ හැටියේ වැටෙන් එහාට පනිනවා. පැන්න ගමන් මදුවලට අහුවෙනවා. පස්සේ තමයි සත්තු මැරෙන්නේ. ඔය සත්වෝද්‍යාන  අධ්‍යක්ෂ ජනරාල් කලාතුරකින් සත්තු මැරෙනවා කියන්නෙ ඔන්න ඔය කෑල්ලේ ගහපු මදුවලට. වැඩේ කියන්නෙ ඔය කෑල්ලට හැමෝටම එන්න බෑ. එන්න පුලුවන් වෙන්නේ ගේට්ටුවෙන් තමයි. “

“උපුල් කියන කෙනා, යූජි සම්පත් කියන කෙනා.  ගාමිණි කියලා කෙනෙක් ඉන්නවා.  ඒ රියදුරන් තමයි දඩමස් උනත් හරක් මස් උනත් ඔතනින් පිටතට ගේන්නේ. “

“කලින් ඩොක්ටර් නන්ද පෙරේරා කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා. එයාගෙ බෙල්ලට පිහියක් තියලා මරණ තර්ජන කළා. එයා ට්‍රාන්සර් ගියා දෙහිවලට. “

කොටින්ට දඬුවම් කරන, කටගොන්නක් බී ගෙන ගොස් කොටි පැටවුන්ට කිරි පොවා උන් දෙදෙනා මරා දැමූ සේවකයින් පිළිබඳ විනය නිර්දේශ ඇතත් ඒ කිසිවක් ක්‍රියාත්මක නොවන  බවද එම සේවකයා හිරු ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබිණි.

එම සිද්ධිය හිරු පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙසේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගැන ලෝකය සතුටින් – මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ…

Next Post

විදේශිකයින් වෙනුවෙන් සැරසූ  උණවටුනේ අවුරුදු සැණකෙළිය!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.