කොරෝනා රෝගය පැතිරීම අවම කිරීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන දරුවන් වෛද්‍ය කණ්ඩායම් තුනක් මගින් පරික්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
එම පරීක්ෂාවේදී සත්‍ය හා නිවැරදි දත්ත සපයන ලෙස රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
කුඩා දරුවන්ට හා මව්වරුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතී.
එබැවින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්නැයි අධ්‍යක්ෂවරයා දැනුම් දෙයි.
උගුරේ යම් වේදනාවක් හෝ අපහසු ගතියක් ඇතිවන්නේ නම් නිර්දේශීත උගුර සේදුම්කාරයකින් උගුර දිනකට දෙවරක් හෝ සේදිය යුතුය.
මද රස්නය සහිත වතුර පානය, පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීමට හා සුවදායක නින්දක් ලබා ගැනීම ඉතාමත් යෝග්‍ය බව ද ජනතාවට දැනුම් දෙයි.