රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිට දරුවන් 09 දෙනෙක් හා දෙමව්පියන් 06දෙනෙක් ඇතුළු 15 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂ පී. විජේසූරිය ලංකාසරට පැවසීය.
රෝහල්ගතවන දරුවන්ගේ හා ඔවුන් සමග පැමිණෙන අය පිළිබඳ සොයා සැක සහිත රෝගීන් පී.සී.ආර්.පරීක්ෂණ වෙත යොමු කර වෙනම වාට්ටුවක රඳවා තබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැහැදිළි කළේය. මෙසේ ආසාදිත වී ඇත්තේ එවැනි අවදානම් සහිත දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම ආසාදිතයන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හෝ පැලියගොඩ මාළුකඩය හා සමබන්ධ පිරිසට සම්බන්ධ බව තහවුරු වී තිබේ.