ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීමේ ක්‍රියාවලිය එම ගොඩනැගිල්ල රෑට රෑට ගිනි ගැනීමට ප්‍රධාන හේතුවක් බව ගිනි නිවන දෙපාර්තමේන්තුව ප්‍රකාශක කර ඇත.
ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන මූලික විමර්ශනවලදී මේ බව අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇත.
මේ වනවිට ඊයේ සහ පෙරේදා දෙදින තුළ සිදුවූ ගිනි ගැනීම් සම්බන්ධව රජය රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවා තිබේ. තවද පොලිස් නිලධාරීන් 20කින් සමන්විත ආරාක්ෂාවක් ගොඩනැගිල්ලට ලබා දී ඇත.







