මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික සෝමාවතිය පුදබිමට ගමන් කරන වන අලි රැළෙන් අතර මංව සිටි මාසයක් පමණ වයසති අලි පැටියෙකු අද (,13 ) සොයා ගත් බව සෝමාවතිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
සෝමාවතිය පුද බිමට ගමන් කළ පුද්ගලයෙකු මෙම වන අලි පැටවා සෝමාවතිය සුංගාවිල මාර්ගයේ 31 වෙනි කිලෝමීටර් කණුව අසල රැළෙන් අතරමංව තනිව රැඳි සිටිනු දැක ඇත,

ඒ පිලිබඳව පුලස්තිපුර පොලීසියේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු එම පොලිස් නිලධාරීන්ගේද සහායෙන් මෙම වන අලි පැටවා අල්ලාගෙන තිබේ.
ඉන් අනතුරුව සෝමාවතිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන්, පුලස්තිපුර පොලීසියේ නිලධාරීන්ගේ හා සෝමාවතිය පුදබිම වන්දනා කිරීම සඳහා ගමන් ගත් පිරිසකගේද සහායෙන් ආරක්ෂිතව අලි පැටියා අල්ලා ගැනීමට සමත් වූහ.
මෙලෙස රැළෙන් වෙන්ව අතරමංව සිටි වන අලි පැටවා මාසයක් පමණ වයසැති අලි පැටවෙකු බව සෝමාවතිය වනජීවී කාර්යාල යේ නිලධාරියෙකු සඳහන් කළේය.
එම අලි පැටවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අද ( 13 ) ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත භාරදීමට සෝමාවතිය වනජීවී නිලධාරීහු කටයුතු කලහ.









