බ්‍රිතාන්‍ය රැජින වූ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) අලුයම දිවයිනෙන් පිටව ගියේය.
බ්‍රිතාන්‍ය මහ රැජනගේ අවමංගල්‍ය කටයුතු යෙදී ඇත්තේ එළඹෙන 19 වැනිදාට ය.
ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගාවේ දී අභාවප්‍රාප්ත වූ රැජනගේ දේහය රාජකීය අවමංගල්‍ය සිරිත් විරිත් අනුව මේ වනවිට බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාලිගාවේ තැන්පත් කර ඇත.
ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයින් ද ඇයගේ අවමංගල්‍ය උත්සවයට එක්වීමට නියමිත ව තිබේ.