දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද (09) නියෝග කළේය.
ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.
කොළඹ මහාධිකරණ නියෝග මත අත් අඩංගුවට ගත් රාජිත සේනාරත්න අනතුරුව එදිනම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ පසුගිය මස 29 වැනිදා ය. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අද දින දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බලා රාජිත සේනාරත්න ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.







