අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජිතගේ කට වහන්න පොහොට්ටුවෙන් එන්නතක් අදී

by Lanka Sara Editor
අගෝස්තු 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යහපාලන ආණ්ඩු සමයේදී සෞඛ්‍ය ඇමතිව සිටියදී එන්නත් ජාවාරම් සිදුකිරීමට අනුබල දී ඒ පිළිබඳ විමර්ශන කරද්දී රජයේ දත්ත පවා මකා දැමීමට සැලැස්වූ රාජිත සේනාරත්න අද ජනතාව හමුවට පැමිණ එන්නත් ගැන ‘කයිවාරු ගසන’ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමතිව සිටි සමයේදී සිදුවූ එන්නත් ජාවාරම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා කරන ලද පැමිණිල්ලේ ප්‍රගතිය පිළිබදව අද පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ඒ කාලේ ජාවාරම්වලට කට වහගෙන හිටපු රාජිත දැන් ඇවිල්ලා කයිවාරු ගහනවා අපි තමයි හොඳටම කළේ කියලා . කළේ හොරකම. අපි තමයි හොඳටම හොරකම කළේ කියලා තමයි එයාලට කියන්න වෙන්නෙ. මේ ගැන අපි හෙවුවම ඒ තොරතුරු දත්ත පවා විනාශ වෙනවා.

රාජිත සේනාරත්න මෙරට සෞඛ්‍ය ඇමතිවරයා වෙලා හිටපු 2015-2019 කාලයේ මෙරට දැවැන්ත එන්නත් ජාවාරමක් සිදු වෙලා තියනවා. මම මේ පිළිබඳව විශේෂ සොයාබැලීමක් කරල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. මම ඊයෙ දින එම පැමිණිල්ල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසුවා. මේ වෙද්දි ඒ තොරතුරු, රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියෙන් දත්ත විනාශ වීමක් සිදුවෙලා තිබෙනවා.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒ කාලෙදි එක්තරා එන්නතක් රු 395ක් වෙන්නේ සාමාන්‍ය ෆාමසියක. මේ එන්නත එන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරලා රජයේ රෝහල්වලට දාලා තියනවා රුපියල් 16000කට. මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරියේ තිබූ දත්ත විනාශ කිරීමක් වෙලා තියෙනවා. හරි සාධාරනව ඒ වැඩකටයුතු වෙලා තියනවනම් මේ එන්නත රුපියල් 395 ට තියෙද්දි ඖෂධ නියාමන අධිකාරීන් අනුමත කරලා රජයේ රෝහල්වලට රුපියල් 16000ට දැම්මේ ඇයි කියලා මං අහන්න කැමතියි. පැමිණිල්ලේ මේ සියලු විස්තර තියෙනවා. ඒ ආණ්ඩුවෙන් ඒක පටන් අරගෙන අපේ ආණ්ඩුවෙි නිලධාරීනුත් බැටන් එක අරගෙන දුවනවා නං අපි ඒ අයට විරුද්ධවත් පියවර ගන්නවා. මම ජනාධිපතිවරයාටත් මේ බව දැන්වූවා . මේ හොරකම කරන්න යනකොට ඒ දත්ත විනාශ කරපු අයව වහාම අත්අඩංගුවට අත් අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා.

මම මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ 2021 අප්‍රේල් පස්වැනි දා. ජාතික ඖෂධ නියාමන අයිති අධිකාරිය ඖෂධ සංස්ථාව, ඖෂධ හා වෛද්‍ය සැපයුම් අංශයට එරෙහිවයි මම පැමිණිල්ල ඉදිරිපත් කළේ. 2015 සිට 2019 එම ආයතනවලින් තමයි අක්‍රමිකතා ඇවිත් තියෙන්නෙ.එතනදි වරදකරුවා වෙන්නේ කවුද කියලා විමර්ශනවලින් හොයාගන්න පුළුවන්. එන්නත් 800 ගණනක් මේ වන විට විමර්ශනයට ගැනෙනවා. රෝහල් වලට දළ වශයෙන් ඖෂධ වර්ග අටසියක් මිලදී ගැනීම කරනවා. එම එන්නත් අටසීයෙම විස්තර මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටිනවා.

ඖෂධ නියාමන අධිකාරීන් එක්තරා පෞද්ගලික ආයතනයකට දාපු ටෙන්ඩරයක් මේක. රජය ඖෂධවලට බිලියන ගණනක් වියදම් කරනවා. මේ ඖෂධ ගන්න රෝගීන්. අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. දැන් ඇවිත් රාජිත එන්නත් ගැන මහා ලොකු විශ්ලේෂණ කරනවා. මේ කාලය තුළ ඔහු තමයි විෂයභාර ඇමති. වැරදිකරුවා කවුද කියලා විමර්ශණයෙන් අනාවරණය වේවි.

මං දන්න තරමින් හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා දත් දොස්තර කෙනෙක්. නැතුව වෛරසවේදය හෝ එන්නත් ගැන දන්න කෙනෙක් නෙවෙයි. දත් දොස්තරලා කියන ඒවා නෙවෙයි මේ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන විශේෂඥ වෛද්‍යවරු කියන ඒවා. ලෝක සෞඛ්‍ය සංවිධානය යම්කිසි එන්නතක් අනුමත කරලා තියෙනවා නං, රාජිත සේනාරත්න මහත්තයාගේ කාලේ හදපු NMRA එක අනුමත කරලා තියෙනවා නං යම්කිසි එන්නතක් ලෝකයේ යම් සමුදායක් ඒ එන්නත පාවිච්චි කරලා තියෙනවා නං තමයි අපේ රටට ඒ එන්නත ගේන්නේ. එහෙම නැතුව රාජිත මහත්තයලා ගෙනාව වගේ හොර එන්නත් නෙවෙයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

හලාවත අවුරුදු 12ට අඩු දරුවන්ට ෆයිසර් දීමේ සිද්ධියට සෞඛ්‍ය ඇමතිත් ගැස්සිලා…

Next Post

දෙවැනි දිනටත් කොවිඩ් මරණ 200 පනී… අද මරණ 214යි….

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.