රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60ට සීමා කිරීමට අදාල චක්‍රලේඛය අද (14) නිකුත් කිරීමට නියමිතව තිබේ.
වයස අවුරුදු 65ක්ව පැවති රාජ්‍ය සේවයකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස පසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය තුළින් අවුරුදු 60 දක්වා අඩු කරනු ලැබීය.
කෙසේවෙතත් වෛද්‍ය, හෙද, සහ ඉංජිනේරුවරුන් හැර අනෙකුත් වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයින් මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් විශ්‍රාම ගත යුතු බව එහිදී යෝජනා කෙරුණි.
වෛද්‍ය හෙද සහ ඉංජිනේරු සේවා සඳහා විශ්‍රාමික වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇතැයි මින් පෙර පැවසිනි. එහෙත් රාජ්‍ය ආයතනවල ඉංජිනේරුවරු තම සේවා කාලය වයස අවුරුදු 60කින් නිමා කර විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර ඇති බව පවසති. තත්ත්වය එසේ වුවහොත් වාරිමාර්ග, දුම්රිය වැනි සේවාවල අර්බුදයක් ඇතිවිය හැකි බව ද ඔවුහු කියති.
මේ අතර විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව අවම කිරීම හරහා මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට රාජ්‍ය සේවකයින් 20,000ක් පමණ විශ්‍රාම ගැන්වීමට නියමිතය.