රාජ්‍ය වියදම් අවම කිරීම සදහා ගනු ලබා පියවරක් ලෙස සහ නිවසේ සිට වගා කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දීම සඳහා ලබා දෙන සිකුරාදා දින නිවාඩුව ජූනි මස 24 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම් පී.කේ මායාදුන්න චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ලේකම්වරයා අදාළ චක්‍රලේඛයෙන් දන්වා ඇත්තේ මෙම සිකුරාදා නිවාඩුව එදින සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන බවය.
මෙම චක්‍රලේඛයට අනුව සෞඛ්‍යය, ජලය, විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා සහ සිකුරාදා දින සේවය අත්‍යවශ්‍ය බවට අදාල අමාත්‍යංශ ලේකම්වරයා විසින්= නියම කරන ලද ආයනවල සේවකයන්ට අදාළ වන අතර එම දිනයේ නිවසේ සිට රාජකාරී සිදු කිරිමේ අවශ්‍යතා සහිත අයට ඊට අදාළ කටයුතුවලට යෙදවීම පිළබඳවද මෙම චක්‍රෙල්ඛය මඟින් දැනුම් දී ඇත. සම්පූර්ණ චක්‍රලේඛය පහත දැක්වේ.