අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

by editor
ජූනි 7, 2023
in පුවත්
ranil
Share on FacebookShare on Twitter

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා   පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද යෝජනා කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ අද (07) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

කාරක සභා සහ උපදේශක සභාවලට සභාපතිවරුන් පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි. ස්ථාවර නියෝග අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ නම මෙන්ම තව මන්ත්‍රීවරුන්ගේ නම් කිහිපයක් යෝජනා වී තිබුණා. මයන්ත දිසානායක මන්ත්‍රිතුමා මෙහි සභාපති ධුරය සඳහා පත් කළ නමුත් ඔහු ඉවත් වුණා. විපක්ෂය යෝජනා කරනවා නම් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා දිය යුතුයි.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟවන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන්. දැන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වන සභාපතිවරයා ද ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතුයි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතුයි. කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තුව තුළ ඉඩ ප්‍රමාණවත් නැතිනම් අපට වෙන ගොඩනැගිල්ලක් ඒ සඳහා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාරක සභා සහ උපදේශක සභා සඳහා සහභාගි වන මන්ත්‍රීවරුන්ට වෙනම ගෙවීමක් වුණත් කළ හැකියි. ඒ වගේම පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට සතියකට වත් කළින් කමිටු සහ කාරක සභාවල සාකච්ඡාවට බඳුන් කර මන්ත්‍රීවරුන්ගේ දැනුවත් භාවයෙන් එය ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් සකස් කළයුතුයි. හෙට ඉදිරිපත් කරන පනත අද මන්ත්‍රීවරුන්ට ලබාදීම ප්‍රමාණවත් නෑ. මන්ත්‍රීවරුන්ට පනත අධ්‍යනය කිරීම සඳහා සති දෙකකවත් කාලයක් ලබා දිය යුතුව තිබෙනවා.

ලෝක බැංකු ආධාර යටතේ අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට මුදල් ලැබී තිබෙනවා. එය ඉදිරියට කරගෙන යාමට ඔබගේ සහාය අවශ්‍යයි. කාරක සභා සහ උපදේශක සභා වල සභාපතිවරුන්ට වගේම එහි නියෝජිතයන්ට තමන්ගේ වගකීම් එම සභා තුළින් ම තීරණය කර ලබාදිය යුතුයි.

අතීතයේ මේ රටේ ප්‍රාදේශීය සභා මට්ටමින් දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් (DRO) සිටියා. ඉන්දියාවේ හිටියේ එකතු කිරීමේ නිලධාරින් (Collecting officer). නමුත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යාප්තවන විට දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් නැතිවෙලා ගියා.
අනතුරුව එම කටයුත්තට හිටපු නිලධාරීන් ආණ්ඩුවට ආදායම් එකතු කරනවා වෙනුවට ආණ්ඩුවේ තිබුණු මුදල් වියදම් කිරීමට කටයුතු කළා. ඒ නිසා ආණ්ඩුවට ආදායම එකතු කිරීම සඳහා නැවත දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් දෙසීයක් වත් බඳවා ගැනීමට සිදු වේවි.

ඒ වගේම රාජ්‍ය ආයතන වල දත්ත නිරීක්ෂණයට ‘පරිගණක යෙදුම්‘ නිර්මාණය කිරීම මේ වන තුරු සිදු කළේ පෞද්ගලික අංශය මගින්. එය නැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියට ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල ‘පරිගණක යෙදුම්‘ එම ආයතන මගින් නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ආංශික අධීක්ෂණ කමිටුවලින් අයවැයට මාස දෙකකට පෙර රජයේ මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා,

ජනාධිපතිතුමනි , ඔබතුමා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස මාව යෝජනා කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වනවා. රාජ්‍ය මුදල් කාරක සභාවේ දී අපි ප්‍රශ්න කළේ මේ කටයුතු කඩාකප්පල් කිරීමට නොවෙයි. නිවැරදි මගට ගැනීමට පමණයි. අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

Next Post

විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.