පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මකවන නව වැඩපිළිවෙළ යටතේ මෙම ආයතනය දැනට පාඩු ලබන රාජ්‍ය ආයතන ගණනාවක් හඳුනාගෙන ප්‍රතිව්‍යුහගත කරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව විශේෂඥ දැනුම ඇති කණ්ඩායමක් නව ඒකකයට ඇතුළත් කිරීමටත් ඔවුන් හරහා ප්‍රතිව්‍යුගත කිරීමේ කටයුතු වේගවත්ව සිදුකිරීමටත් රජය තීරණයකර තිබේ.
ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ ඇතැම් පාඩු ලබන ආයතනවල රාජ්‍ය අංශය යටතේ වැඩි අයිතියක් තබාගෙන ප්‍රතිව්‍යුගත කිරීමටත් ඇතැම් ආයතන පුද්ගලික අංශයට වැඩි අයිතියක් යටතේ සිදුකිරීමටත් සැලසුම් කර ඇති බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීමේ මුවාවෙන් ආණ්ඩුව වටිනා රාජ්‍ය ආයතන රැසක් කුණුකොල්ලයට පුද්ගලික අංශයට විකුණා දැමීමට කටයුතු කරන බවට වෘත්තීය සමිති දැඩි විරෝධය පල කර තිබිණි.
කෙසේ වෙතත් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ද ස්ථාවරය වී ඇති අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම මූල්‍ය අරමුදලේ බලපෑම් හේතු වී ඇතැයි ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.