අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගුල් ගෙදරක යනවා කියා රටින් පැන්න මහ බැංකු අධිපති කෙනෙක් ගැන විපක්ෂ නායක අසයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද ආණ්ඩුව පොහොට්ටු මන්ත්‍රීවරුන්  සමග එක්ව මහබැංකු අධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ ගජ මිතුරෙක්ව මහ බැංකු අධිපති ධුරයට පත්කර ගැනීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇතැමුන් වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකවරයා   ඉතිහාසයෙදි ද්විත්ව පුරවැසියන් මහ බැංකු අධිපති බවට පත් කළේ කවුදැයි රටම දන්නා බවත් පැවසීය.

ඒ මහ බැංකු අධිපතිවරයා මගුල් ගෙදරකට යන බව පවසා රටින් පිටවූ බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා  අද වනතුරු ඔහුව රටට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව ද පැවසීය.

මහබැංකු අධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණයේ ඊළඟ පියවර වන්නේ එදා රටින් පලාගිය මහ බැංකු අධිපතිවරයා නැවත ගෙන්වාගෙන මහ බැංකුව භාරදීමට දැයි තමන්ට සැකයක් ඇති බව පැවසූ ඔහු  ඊට අමතරව මොනතරම් මුදල් අච්චු ගැහුවත් උද්ධමනය ඉහළ යන්නේ නැති බවට පවසා අන්තනෝමතික ලෙස හැසුරුණු මහ බැංකු අධිපතිවරයෙක් මේ රටේ සිටි බවද අමතක නොකළ යුතු යැයිද පැවසීය.

“රටේ ජනතාව රටේ පාලකයින්ට ලබා දෙන්නේ තාවකාලිකව භාරකාරත්වයක් . භාරකරුවන්ට රට කාබාසිනියා කිරීමට ඉඩ දිය නොහැකියි රටේ තාවකාලික භාරකාරීත්වය මිස රාජපක්ෂලාගේ භාරකාරීත්වය තමන්ට බාර ගන්න බෑ  . මම රාජපක්ෂලාගේ බොඩිගාඩ් කෙනෙක් නෙවේ.ආණ්ඩුවට එක්වූ ඇතැම් දේශපාලන අවස්ථාවාදීන් ඔවුන්ගේ නම වෙන්දේසි කර ගත්තාවතරක් නෙවෙයි  “ යයිද පැවසීය.

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසන බලමණ්ඩල රැස්වීම අද (03) පැවැත්විණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති එම රැස්වීම සංවිධානය කොට තිබුණේ එහි ප්‍රධාන ආසන සංවිධායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  විජයපාල හෙට්ටිආරච්චි මහතා විසිනි.

ඊට සමගාමීව සමගි ජන බලවේගයේ අක්මීමන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව ද අද සිදුවිය.

තමන්ගේ දේශපාලන අවස්ථාවාදීකම පෙන්වමින් ඇතැම් පාර්ශ්ව එක් වී සිටින්නේ අසූචි නැවට වන්දි ගෙවපු, සීනි වංචාවට සම්බන්ධ, පොල්තෙල් වංචාවට සම්බන්ධ, ගල් අගුරු වංචාවට සම්බන්ධ හොර ආණ්ඩුවක් සමග යැයි පැවසූ විපක්ෂ නායක ප්‍රේමදාස මහතා , තමන්ට ආසයි බයයි යැයි චෝදනා කළ අයට කියන්නට ඇත්තේ ආසයි බයයි නොව තමන්ට ලැජ්ජා බය තියෙන බව යැයි ද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් සංස්ථාව බංකොලොත් කළ ගුවන් සමාගමේ බිලියන 89ක පොල්ල!

Next Post

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුවෙන් වෙනම ඒකකයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.