රාජ්‍ය සේවය තුළ ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වන නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.
ඒ අනුව අමතර ඉන්ධන ගෙවීම් නතර කිරීම, පස්වරු 2.30 වන විට රජයේ ආයතනවල වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කිරීම, රැස්වීම් සඳහා පිට පළාත් නිලධාරීන් කොළඹට ගෙන්වීම අවම කිරීම ඇතුළු උපදෙස් රැසක් එහි ඇතුළත් වේ.
අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.