අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂලා සමඟ හැදූ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි එන්නේ නෑ ! ජවිපෙන් ජනපතිට පිළිතුරක්

by Lanka Sara Editor
අගෝස්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජපක්ෂලා සමඟ ගොඩනැගුණු ආණ්ඩුව සමඟ එක්වීම  තේරුමක් නැති දෙයක් බවත් ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න විසඳීමට නිශ්චිත කාල රාමුවක් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ඊට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් ජනතා විමුක්ති රෙමුනේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සර්ව පාක්ෂික රජයකට එක්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ට කළ ඉල්ලිමට ප්‍රතිචාර ලෙස ලිපියක් යවමිනි.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ   කළ ඉල්ලීමට පිළිතුරු ලිපියක් යොමු කරමින් ජනතා විමුක්ති පෙරමුණු නායකයා තවදුරටත් එයින් පෙන්වා දී ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුව විසින් පිහිටුවන ලද සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ ආණ්ඩුවකට දීර්ඝ කාලයක් රට පාලනය කිරීමට බලයක් හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

එ අනුව අනුර කුමාර දිසානායක  ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇත්තේ ආර්ථික අර්බුදයට තිරසාර විසඳුම් සෙවීමට හැකි නව රජයක් පිහිටුවීම සඳහා මැතිවරණයක් හරහා නව ජනවරමක් සඳහා අවස්ථාවක් ලබාදිය යුතු බවය.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස විපක්ෂයේ පක්ෂවලට ආරාධනා කරමින් හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරමින් විරෝධතාකරුවන් මර්දනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවට එම ලිපිය මඟින් චෝදාන කර ඇති ජනතා විමුක්ති පෙරමුණු නායකයා  එවැනි ක්‍රියාමාර්ගවලට දැඩි විරෝධය පළ කරන බවද අවාධාරණය කර ඇත. .

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ සැබෑ චේතනාවක් තිබේ නම් එය කළ යුතුව තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   රට හැර ගිය විගස වත්මන් අර්බුදයට කෙටි කාලීන ක්‍රියාකාරී සැලැස්මක් ඇතිව හෝ එය කළ යුතුව තිබූ බවත් ඒ සඳහා ස්වර්ණමය අවස්ථාවක්  උදාවූ  බවත් ඔහු සඳහන් කළේය. එවැනි පියවරක් දැන් මග හැරී ඇති බවද තවදුරටත් එම ලිපියේ සඳහන් කොට ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

අනාගත දේශපාලන න්‍යාය පත්‍ර නොමැති මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙසත් අගමැතිවරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල එකඟතාව ඇතිව පත් කර ගැනීම,  කුඩා ඇමැති මණ්ඩලයක් පත් කිරීම ඇතුළු යෝජනා මාලාවක් ජාතික ජන බලවේගය ලෙස ඉදිරිපත් කළත්  රාජපක්ෂලාට හිතවත් මන්ත්‍රීවරුන්ගේ සහය ඇතිව ජනාධිපති වීමෙන් පසු වික්‍රමසිංහ ජනාධිපතිවරයා රනිල්-රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවූ බැවින් ඔවුන්ට ඔවුන්ගේ යෝජනා ක්‍රමවත් කිරීමට නොහැකි වූ බවත්  ඔහු සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා වෙත ජනතා විමුක්ති පෙරමුණ යැවූ   සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්වපාක්‍ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබතුමා විසින් මා වෙත එවන ලද ඔබේ අංක PS/DCA/03/02 දරන 2022 අගෝස්තු 04 දිනැති ලිපිය හා බැඳේ.

ඉහත ලිපිය මගින් ඔබ විසින් සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා අප පක්‍ෂයට ආරාධනා කර තිබුණි. රට මුහුණ දී තිබෙන ඉතාමත් බරපතළ ආර්ථික, දේශපාලන හා සමාජයීය අර්බුදවලට කෙටිකාලීන හෝ විසඳුමක් ඉදිරිපත් කරමින්, ජනතාව විඳින පීඩාවන්ට සහනයක් සලසමින් අන්තර් කාලීන සර්වපාක්‍ෂික වැඩපිළිවෙළකට යාමට අවංක වුවමනාවක් තිබුණි නම්, එම අවස්ථාව වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරමින් රටින් පිටවීමත් පසුව ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් සමග මතුවූ අවස්ථාවයි. එම කාටත් පිළිගත හැකි කාගේත් එකඟතාවයෙන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ලැබුණු අනගි අවස්ථාව මේ වන විට මගහැරී ඇති බව අපගේ විශ්වාසයයි.

එහිදී අප ජාතික ජන බලවේගය ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ යථාර්ථවාදී යෝජනාවක් ඉදිරිපත් කොට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ සමග සාකච්ඡාද කළෙමු. එහිදී අපේ යෝජනාව වූයේ මෙසේය.

i ජනාධිපතිවරයා ඉවත්වීමෙන් හිස්වූ ජනාධිපති ධුරයට අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක් නැති මන්ත්‍රීවරයෙක් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් පත්කර ගැනීම හා අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවල එකඟතාවයෙන් මන්ත්‍රීවරයෙක් පත්කර ගැනීම.

ii සර්වපාක්‍ෂික ආණ්ඩුවට සම්බන්ධ වන සියලුම පක්‍ෂ සමාන අයිතීන් ඇති කොටස්කරුවන් ලෙස සලකා එම ආණ්ඩුවේ සියලුම තීන්දු තීරණ ගැනීම හා එම සියලුු පාර්ශ්ව නියෝජනය වන ඉතා කුඩා ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම

iii එම සර්වපාක්‍ෂික ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවක් ලෙස සලකා මාස 06ක් වැනි කෙටි කලකට එම ආණ්ඩුව සීමාකර ඉන්පසු මහ මැතිවරණයක් පවත්වා නව ජනවරමකින් තමන් කැමති පාලනයක් නිර්මාණය කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීම යන ප්‍රධාන කරුණුය.

යෝජිත සර්වපාක්‍ෂික ආණ්ඩුවේ කාර්යභාරය වූයේ, රට තුළ පැවති ජනතා අරගලයේ අපේක්‍ෂාවද වූ,

i ජනතාව මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතාවලට ඉක්මන් සහන ලබාදී රට යළි සාමාන්‍ය තත්වයට පත්කිරීම
ii ජනාධිපති ධුරයේ බලතල හැකි උපරිමයෙන් අඩු කරන හා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සවිමත් කරන, යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා වන යෝජනා සහිත ආාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීම
ii රට තුළ සිදුකර ඇති වංචා, දූෂණ හා මහජන මුදල් නාස්තියට එරෙහිව ගනු ලබන බලගතු පියවර ලෙස,
■ පසුගිය කාලයේ වංචා-දූෂණවලට එරෙහිව පවරා තිබෙන විවිධ හේතු මත නිදහස් කළ නඩු පිළිබඳ සමාලෝචනයක් සිදුකර අධිකරණ වෙත අභියාචනා කිරීම
■ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් අතරමගදී විවිධ තාක්‍ෂණික හේතු මත ඉල්ලා අස්කරගත් නඩු යළි පැවරීම
■ වංචා හා දූෂණ පිළිබඳව දැනට විමර්ශන ආයතන වෙත ලැබී තිබෙන හා විමර්ශන පමා කොට හා යටපත් කොට තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් පරීක්ෂණ කර නඩු පැවරීම
■ එසේ වුවද රට මුහුණදී තිබෙන සමාජ ආර්ථික දේශපාලන අර්බුදයන් විසඳීම සඳහා ගැඹුරු ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අන්තර්කාලීන සර්වපාක්‍ෂික පාලනයකට හැකියාවක් නොමැති බැවින් ජනතාවගේ අනුමැතිය සහිත ජනවරමක් සඳහා මාස 06ක් වැනි කෙටි කලක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම

අපගේ මෙම යෝජනාව ඒ මොහොතේ ඉටුකර ගැනීමට නොහැකි වූ අතර ඔබ විසින් පාර්ලිමේන්තුවේ රාජපක්‍ෂවාදී මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඡන්දයෙන් ජනාධිපති වී රනිල්-රාජපක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවාගනු ලැබීය.
දැන් පවතින්නේ ජනවරමද අහෝසි වූ, ජනතා විරෝධයටද ලක්වූ රනිල්-රාජපක්‍ෂ පාලනයකි. ඔබ ඇතුළු රාජපක්‍ෂ කණ්ඩායම විසින් එම පාලනය පිහිටුවා දැන් සිදුු කරන්නේ එහි කොටස්කරුවන් වන ලෙස අප පක්‍ෂයට ආරාධනා කිරීමයි. එය අවංක ලෙසම සර්වපාක්‍ෂික වැඩපිළිවෙළක් සඳහා වූ සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ වුවමනාවෙන් කරන්නක් නොවන බව ඉතා පැහැදිලිය. අවම වශයෙන් දැනට ඔබ පිහිටුවා තිබෙන පාලනය කෙතරම් කලකට වලංගුද යන්නද පවා ඔබේ පාර්ශ්වයෙන් පැහැදිලි කර නැත.

මේ අනුව සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීම තවදුරටත් යථාර්ථවාදී නොවන පල රහිත ප්‍රයත්නයකි.
එහෙයින් දැනට පිහිටුවා තිබෙන, ඔබේ හා රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ කොටස්කරුවන් වීම පල රහිත බව අපි දැඩිව අවධාරණය කරමු.

කෙසේ වෙතත් අපේ රටත් ජනතාවත් මුහුණදී සිටින මෙම අර්බුදයෙන් මිදීම සඳහා කිසියම් හෝ පිළිගත හැකි යථාර්ථවාදී වැඩපිළිවෙළක් නිශ්චිත කාල රාමුවක්ද සහිතව ඔබ විසින් ඉදිරිපත් කරන්නේ නම් ජනතාවගේ පැත්තේ සිට ඊට සාධනීය ප්‍රතිචාර දැක්වීමට අප සූදානම්ය.

අනෙක් අතට සර්වපාක්‍ෂික ආණ්ඩුවක් සඳහා විපක්‍ෂයේ පක්‍ෂවලට ආරාධනා කරන ඔබ ඒ සමගම රට තුළ හදිසි නීතිය පවත්වාගෙන යමින්, ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති උද්ඝෝෂණය කිරීමේ අයිතිය පැහැර ගැනීමට අධිකරණ නියෝග ලබා ගැනීමට උත්සාහ කරමින්, පසුගිය කාලයේ සමකාමී අරගලයේ නිරත වූ එහි නායකයින් හා ක්‍රියාධරයන් අත්අඩංගුවට ගනිමින් මර්දනකාරීත්වයක් රට තුළ ක්‍රියාවට නංවා තිබේ. එවැනි මර්දනකාරිත්වයකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ බවද අමතර කරුණක් ලෙස සඳහන් කරමු.

අවසාන වශයෙන් ‘සර්වපාක්‍ෂික’ හෝ ‘බහු පාක්‍ෂික’ හෝ නාමකරණ යටතේ වත්මන් පාර්ලිමේන්තුව තුළින් පිහිටුවා ගනු ලබන ආණ්ඩුවකට දිගුකලක් රට පාලනය කිරීමට ජනවරමක් හෝ සදාචාරමය අයිතියක් නොමැති බවත් මේ රට ඇද වට්ටවා ඇති වර්තමාන අර්බුදයට ස්ථිරසාර හා දිගුකාලීන විසඳුම් ලබාදීමට සමත් නව පාලනයක් බිහිකර ගැනීම සඳහා කඩිනම් මහ මැතිවරණයක් පවත්වා නව ජනවරමකට අවස්ථාව ලබාදිය යුතු බවත් දැඩිව අවධාරණය කරමු.
ස්තුතියි,
මෙයට,

අනුර දිසානායක
නායක,
ජාතික ජන බලවේගය
2022.08.10

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැයි 09 හවස “කාල්ටන්“ ගිය දිලීප වෙදආරච්චිගේ සොයුරු නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට…

Next Post

හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල්ගේ පියා දිවි නසා ගැනීමේ තැතක… 

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.