අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂලාගේ  කුරහන් සාටකේ දාගත්තෙ නිකම් නොවෙයි…  රටට ගෙනාවේ සීයට 96 නිරෝගී සංචාරකයෝ..

උදයංග වීරතුංග වලස්මුල්ලේ විජේදාස මලයාට විවාදයකට කතා කරයි...

by editor
අගෝස්තු 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් රාජපක්ෂලාගේ කුරහන් සාටකයය දමා ගත්තේ නිකමට නොවන බවත් සංචාරකයන් ලංකාවට රැගෙන ඒම සඳහා තමන් දියත් කළ ව්‍යාපෘතිය යටතේ ගෙන්වා ඇති යුක්‍රේන ජාතික සංචාරකයන් සියලු දෙනාම සියයට 96ක් නිරෝගී පුද්ගලයන් උදයංග වීරතුංග සහඳහන් කරයි.

ඔහු මේ බව කියන්නේ කරන්නේ පසුගියදා  හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් කළ ප්‍රකාශයේ යුක්‍රේන සංචාරකයන් සම්බන්ධව ඇතුළත් කොටසට පිළිතුර සපයමිනි.

මේ සම්බන්ධව විවෘත විවාදයක් සඳහා තමන් විජේදාස රාජපක්ෂට අභියෝග කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබුණේය.

ඒ පිළිබඳව ඔහු ප්‍රකාශයට පත් කර ඇති නිවේනය මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය දවස්වල යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් හා එම ආණ්ඩුවට පක්ෂපාත විවිධ මාධ්‍ය විසින් මා ගැන විටින් විට මත පල කරනු ලබයි.

අද කැබිනට් ඇමතිකමක් නොලැබීම නිසා, “ජීවිතය විදවන්න මේ ලෝකෙට ආපු කෙනෙක් නෙමෙයි.. විදින්න ආපු කෙනෙක්..” බව කියමින්, ලඟකදි සිදුකරන කැබිනට් සංශෝධනයෙදී තමන් ඇමතිකමක් බලාපොරොත්තු වන බවට ඉඟියක් ද කරමින් රටෙහි ජනාධිපතිට ලියන ලද දුක්ගැනවිලි අතරින්, යුක්රේනියානු සංචාරකයන් පිළිබඳ මගේ නම ද පටලවා ඇති නිසා ගිරුවාපත්තුවේ විජේදාස මලයාට මෙසේ ලියමි.

මෙම කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සංචාරකයින් සඳහා නැවත රට විවෘත කිරීමේ අභියෝගය සාර්ථක කර ගැනීමේ මුඛ්‍ය පරමාර්ථයේන් 2020 දෙසැම්බර් මස 28 වන දින සිට 2021 ජනවාරී මස 19 දා දක්වා නියමු ව්‍යාපෘතියක් ලෙස පූර්ණ සෞඛ්‍ය නිර්දේශ යටතේ ඉතා සාර්ථකව යුක්රේනියානු සංචාරකයන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපලට රැගෙන ආවේ රාජපක්ෂ පරපුරේ “කුරහන් සාටකය” ආවාට – ගියාට කරටදමා ගත් එකක් නොවන බව විජේ – දාස ලට මතක්කර දෙන්නම යි.

‘සංචාරක බුබුල’ පිළිබඳ සංකල්පය යටතේ එසේ මෙරට පැමිණි යුක්රේනියානු,  කසාක්ස්තානු හා රුසියානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ බව මෙරට දී ඔහුන්ට සිදු කරන ලද PCR පරික්ෂණ වලින් සනාථ වී ඇති මොහොතක, “කොරෝනා බුබුළු”ගෙනාවා කියමින් ඔහුන්ගේ පැමිණීමට නිගරු කිරීම අපේ සංචාරක කර්මාන්තයේ නියුතු ලක්ෂ 30 ක් පමණ වූ ශ්‍රමිකයන් හට සිදුකරන මහා අසාධාරණයක් බව විජේ මලයාට නොතේරෙන්නේ තවම ඇමතිකමක් නැති නිසාම ද?

අද අසල්වැසි මාලදිවයින රාජ්‍යයේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනකි. මෙම වසරේ ජුලි 31 දිනට මාලදිවයිනට සංචාරකයන් 617,791 පැමිණි ඇති අතර එම පිරිස අතරින් යුක්රේනියානු, කසාක්ස්තානු හා රුසියානුවන්ගේ එකතුව පැමිණි සමස්ථ සංචාරකයන්ගෙන් 32% කි. එම කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක එකතුව 19,337 කි. ඇත්තටම මෙහිදී අපට වඩා 32 ගුණයක් වැඩියෙන් මාලදිවයිනට සංචාරකයන් පැමිණියේ ඔහෙලා වගේ කුහකයෝ විපක්ෂයේ ඉන්න නිසා බව ඔප්පු කරන්න ඕනෑම රුපවාහිනී නාලිකාවක “යුක්රේනියානු සංචාරක ආගමනය”පිළිබඳ විවාදයකට එන්න කියලා වලස්මුල්ලේ විජේදාස මලයා ට මම අභියෝග කිරීමට කැමතියි.

කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජයට නිවරදි තීන්දු තීරණ ගන්න පුලුවන් වුනේ ඔහෙලා වගේ කුහකයන් මාලදිවයිනේ පාර්ලි‌‌මේන්තුවේ නැති නිසා. අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියතු ලක්ෂ 30 ක් පමණ වූ ලාංකිකයන් වෙනුවෙන් රජයට සංචාරක හිතකාමී වාතාවරණයක් සැදීමට නොහැකිවීම ඇත්තටම අප දකින්නේ අතට ලැබුණු වාසනාවන්ත ට පයින් ගැසීමක් ලෙසය. මොකද, අද ලංකාවේ ලියාපදිංචි හෝටල් 2900 ක කාමර 42,000 පමණ තිබෙන බව අමතක නොකර යුතුය.

ඔහේගේ ලියුමේ කියලා තියෙන්නේ පස් වතාවක් ඇමතිකම් ප්‍රතික්ෂේප කරා කියලා. එත් සමාජය දන්නවා හැමදාම ඇමතිකම් නැති වුණේඇයි කියලා. අද ඔහෙලට ඕන රටෙහි ආර්ථීකය විනාශ කරලා ආණ්ඩුව අල්ලාගෙන නැවත ඇමති කටුවක් සුප්පු කරන්න පමණක් බවත් ගිරුවාපත්තුවම කියනවා.

ඔහේ යවපු සන්දේශයේ ලියලා තියෙනවා “මම කාගෙන්වත් පළිගත්තේ නැහැ කියලා”. ඒ වචන, මගේ අමිහිරි මතකය අවදිකලා. එදා ඔහෙලාගේ යහපාලන යමපල්ලෝ මට එරෙහිව සිදුකල කූටදේශපාලන පළිගැනීම් පිළිබඳ, ගිරුවාපත්තුවේ උදයංග වයසින් වැඩිමහල් විජේදාස මලයා ට විවාදයේ දී පැණි රසට මතක්කර දෙන්න සූදානම්ව සිටින බව කියා සිටිමි.

 

උදයංග වීරතුංග

රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ සිසුන් 3ක් කටුගහගල්ලගේ වැවේ ගිලී මරුට

Next Post

ආණ්ඩුව නොකළ දේ මිනිස්සු කරති… ගම්පහ, මරදගහමුල, වේයන්ගොඩ ස්වයංව ලොක් වෙයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.